Archives

ඖෂධ අසාත්මිකතා වළක්වා ගනිමු

දරුණු ඖෂධ අසාත්මිකතාවයක් (Anaphylaxis) ඇති වීම, ඔබේ මරණයට හේතුවක් වෙන්නට පුළුවන්. මෙය වළක්වා ගන්නේ කොහොමද ? දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවක් ( Anaphylaxis ) ඇති වීමට හේතුව, යම් දෙයකට විරුද්ධව ඔබේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, අසාමාන්‍ය ලෙස අධිකව ක්‍රියා කිරීමයි. මේ නිසා ඔබේ ඇඟ තුළ හිස්ටැමීන් ( histamine ) නම් රසායනික සංඝටකය ඇතුළු, තවත් රසායන ද්‍රව්‍ය නිපදවෙනවා. මේ […]

Read More
දවසකට කොයිතරම් වතුර බොන්න ඕනෙද?

ඔබ ජලය පානය කරනවා අඩු නම්, ඇඟ විජලනය වෙලා නම්, ඔබට වකුගඩු ආබාධ, මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඔබේ ඇඟ විජලනය වී (ඇඟේ වතුර ප්‍රමාණය අඩු වී ) තිබෙනවාද කියා දැනගත හැකි පහසුම ක්‍රමය වන්නේ ඔබගේ මුත්‍රාවල පාට පරීක්ෂා කර බැලීමයි. අධික දහඩිය දැමීම, වමනය, පාචනය වැනි හේතූන් නිසා ඔබේ ඇඟෙන් වතුර විශාල […]

Read More
සර්පයකු දෂ්ට කළ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද ?

ඔබට හෝ ඔබේ හිතවතෙකුට සර්පයකු දෂ්ට කළ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද ? ශ්‍රී ලංකාවේ වසරකට සර්ප දෂ්ඨන අසූ දහසකට අධික ප්‍රමාණයක් සිදු වනවා. 400කට අධික ප්‍රමාණයක් සර්ප විෂෙන් මිය යනවා. සර්පයකු දෂ්ට කළ විට රෝග ලක්ෂණ ඇති වන තෙක් නොසිට හැකි ඉක්මනින් රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. සර්ප දෂ්ඨන වලට වෛද්‍ය ප්‍රතිකාර […]

Read More
අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් !

අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි ! සමහර දවස්වලට තියෙන තද රස්නය නිසා, ගොඩක් වෙලා අව්වේ ඉන්න අය, විශේෂයෙන් පාසල් දරුවන්ට Heatstroke කියන බරපතල අසනීපය හැදෙන්න පුළුවන් ! අව්වෙ ඉන්න වෙලාවක ඔයා ළඟ ඉන්න කෙනෙක්ට, මෙහෙම කෙනෙක් රස්නය නිසා කලන්තෙ දාන්න හෝ සිහි නැති වෙන්න විශාල […]

Read More
කිරිපණූ රෝගය ගැන දැනගමු

ගෙදර කෙනෙකුට කිරිපණු රෝගය හැදුනම, පවුලේ හැමෝටම පණු බෙහෙත් දෙන බව ඔබ දන්නවා ඇති. මොකක්ද මේකෙ වෛද්‍ය විද්‍යාත්මක පදනම? කිරිපණුගාය කියලා අපි හඳුන්වන රෝගය හදන්නේ, enterobius කියන, අපේ ආහාර මාර්ගයේ ජීවත්වන ජීවත්වන පණුවා විසිනුයි. මේ පනුවාගේ භයානකකම තමයි, බොහොම ලේසියෙන් එක් පුද්ගලයෙකුගේ ඇඟේ ඉඳලා තවත් කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙන්න තියෙන හැකියාව.  මේ පණුවාගේ ගැහැණු සතා […]

Read More
බර අඩුකරගන්න හරි විදිහ දැනගමු

බඩ අඩු කරගන්නේ කොහොමද? ලංකාවේ ගොඩක් පිරිමි අය සහ ගැහැණු අය දෙගොල්ලන්ටම තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් මේක. අපි අද හරියටම දැනගමු,  හරි විදිහට බඩ අඩු කර ගන්නේ කොහොමද කියලා ! උදරයේ තරබාරු බව, එහෙමත් නැත්නම් බඩ වැඩිවීම සිද්ධ වෙන්නේ, ඔයාගේ ඉණ ගාව හමට යටින් මේදය (Subcutaneous fat) තැන්පත් වීම සහ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටා මේදය තැන්පත් වීම […]

Read More
යකඩ ඌණතාවය ගැන දැනගමු

ඔයාගේ මූණ සුදුමැලියි නම්, ඉක්මනින් මහන්සි දැනෙනවා නම්, ඔයාගේ ඇඟේ යකඩ අඩුවීම මේකට හේතුව වෙන්න පුළුවන් අද අපි කතා කරමු, ඔයාගේ ඇඟට අවශ්‍ය යකඩ හරි විදිහට ගන්නේ කොහොමද කියලා. අපේ ඇඟට කෑමෙන් ලැබෙන යකඩ වර්ග දෙකක් තියෙනවා. නිවිති, කතුරුමුරුංගා,  මුරුංගා කොළ වගේ තද කොළ පාට පලා වර්ග වලින්, කඩල කවුපි මුං පරිප්පු වගේ මාංශ භෝග […]

Read More
ගංවතුර නිසා බෝ වන පාචනය !

දවස් ගානක් තිබුණු ගංවතුර හින්දා, පාචන රෝග තත්ත්ව, බඩේ අමාරු හැදෙන්නේ ලොකු අවදානමක් තියෙනවා. ගංවතුරෙන් ගෙවල්, පාරවල් යට වෙද්දී, ටොයිලට් වළවල් උතුරලා, ඒවායේ තියෙන මළමුත්‍රා, ඒ වගේම කසල පද්ධතිවල තියෙන කැලි කසල ගංවතුර එක්ක මිශ්‍ර වෙනවා. මෙහෙම අපවිත්‍ර වුණු ගංවතුර, ළිං, උල්පත්, ගඟවල් වගේ පානීය ජල මූලාශ්‍ර එක්ක මිශ්‍ර වෙනවා. ඉතින් ගංවතුර අඩුවෙලත් තව කාලයක් […]

Read More
ගංවතුරෙන් බෝවන ලෙඩ රෝග

ගංවතුරට බහින්න එපා ! ගංවතුරේ බැහැලා ඉන්න එකෙන්, ලෙඩ රෝග ගොඩක් හැදෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද ? ගංවතුර නිසා අසනීප නොවී ඉන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි. ගෙවල් පැත්ත ගංවතුරෙන් යට වුණාම, ගංවතුරේ බැහැලා ඇවිදින්නම සිද්ධ වෙන අවස්ථා තියෙනවා. නමුත් විනෝදයට ගංවතුරේ බැහැලා ඇවිදින, පීනන, පාරු පදින අයත් ලංකාවේ ඉන්නවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි […]

Read More
ප්‍රතිජීවක ප්‍රතිරෝධය

ඇන්ටිබයොටික්ස් (ප්‍රතිජීවක ඖෂධ), තවත් කාලයක් යන විට ඔබේ ඇඟට වැඩ කරන්නේ නැතුව යන බව ඔබ දන්නවාද ? එයට වගකිව යුත්තේ ඔබමයි !  ඔබට වෛද්‍යවරයෙකු විසින් ඇන්ටිබයොටික්ස් ( ප්‍රතිජීවක ) ලබා දෙන්නේ, ඔබට බැක්ටීරියා ආසාදනයක් තිබේ නම්, එම රෝගය ඇතිකරන, ඔබේ ඇඟ ඇතුළේ ඉන්න හානිකර බැක්ටීරියා විනාශ කිරීමටයි. නමුත් රෝගීන් විසින්, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය […]

Read More
Health simplified your way
crossmenu