කිරිපණූ රෝගය ගැන දැනගමු


ගෙදර කෙනෙකුට කිරිපණු රෝගය හැදුනම, පවුලේ හැමෝටම පණු බෙහෙත් දෙන බව ඔබ දන්නවා ඇති. මොකක්ද මේකෙ වෛද්‍ය විද්‍යාත්මක පදනම? කිරිපණුගාය කියලා අපි හඳුන්වන රෝගය හදන්නේ, enterobius කියන, අපේ ආහාර මාර්ගයේ ජීවත්වන ජීවත්වන පණුවා විසිනුයි. මේ පනුවාගේ භයානකකම තමයි, බොහොම ලේසියෙන් එක් පුද්ගලයෙකුගේ ඇඟේ ඉඳලා තවත් කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙන්න තියෙන හැකියාව.  මේ පණුවාගේ ගැහැණු සතා […]

ගෙදර කෙනෙකුට කිරිපණු රෝගය හැදුනම, පවුලේ හැමෝටම පණු බෙහෙත් දෙන බව ඔබ දන්නවා ඇති. මොකක්ද මේකෙ වෛද්‍ය විද්‍යාත්මක පදනම?

කිරිපණුගාය කියලා අපි හඳුන්වන රෝගය හදන්නේ, enterobius කියන, අපේ ආහාර මාර්ගයේ ජීවත්වන ජීවත්වන පණුවා විසිනුයි. මේ පනුවාගේ භයානකකම තමයි, බොහොම ලේසියෙන් එක් පුද්ගලයෙකුගේ ඇඟේ ඉඳලා තවත් කෙනෙකුගේ ඇඟට ඇතුල් වෙන්න තියෙන හැකියාව. 

මේ පණුවාගේ ගැහැණු සතා රාත්‍රී කාලවලදී ගුද මාර්ගයෙන් එළියට ඇවිත්, ඒ ආසන්නයේ සම මතුපිට බිත්තර දානවා. මේ බිත්තර ඇඳුම් වල, ඇඳ ඇතිරිලි වල තැවරෙන්න පුළුවන්.

පවුලේ වෙන කෙනෙක් ඒ ඇඳුම් අතින් අල්ලලා, අත සෝදන්නේ නැතුව කෑම කෑවොත් ඒ කෙනාගේ ඇඟට බිත්තර ඇතුළු වෙනවා. එතකොට එයාටත් රෝගය වැළදෙන්න ඉඩ තියෙනවා. 

මේ පණුවාගේ බිත්තර ඉතාම පොඩි නිසා, වාතයට එකතු වෙලා අපි හුස්ම ගනිද්දි ඇඟට ඇතුළු වෙන්නත් ඉඩ තියනවා.

ඉතින් ගෙදර එක්කෙනෙකුට කිරිපණු රෝගය වැළඳිලා තියෙනවා කියන්නේ, පවුලේ අනිත් හැමෝගෙම ඇඟවල් වලට මේ පණුවාගේ බිත්තර ඇතුළු වෙලා තියෙන්නේ ලොකු ඉඩකඩක් තියෙනවා.

ඒ නිසා රෝග ලක්ෂණ නොතිබුණත්, පවුලේ හැමෝම නිවැරදිව පණු බෙහෙත් ලබා ගත්තම ,හැමෝගෙම ඇඟවල් වලින් මේ පරපෝෂිතයා ඉවත් වෙනවා. ඒ මඟින් කෙනාගෙන් කෙනාට නැවත නැවත කිරිපණු රෝගය වැළදීම වළක්වගන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu