ඖෂධ අසාත්මිකතා වළක්වා ගනිමු


දරුණු ඖෂධ අසාත්මිකතාවයක් (Anaphylaxis) ඇති වීම, ඔබේ මරණයට හේතුවක් වෙන්නට පුළුවන්. මෙය වළක්වා ගන්නේ කොහොමද ? දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවක් ( Anaphylaxis ) ඇති වීමට හේතුව, යම් දෙයකට විරුද්ධව ඔබේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, අසාමාන්‍ය ලෙස අධිකව ක්‍රියා කිරීමයි. මේ නිසා ඔබේ ඇඟ තුළ හිස්ටැමීන් ( histamine ) නම් රසායනික සංඝටකය ඇතුළු, තවත් රසායන ද්‍රව්‍ය නිපදවෙනවා. මේ […]

දරුණු ඖෂධ අසාත්මිකතාවයක් (Anaphylaxis) ඇති වීම, ඔබේ මරණයට හේතුවක් වෙන්නට පුළුවන්. මෙය වළක්වා ගන්නේ කොහොමද ?

දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවක් ( Anaphylaxis ) ඇති වීමට හේතුව, යම් දෙයකට විරුද්ධව ඔබේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, අසාමාන්‍ය ලෙස අධිකව ක්‍රියා කිරීමයි.

මේ නිසා ඔබේ ඇඟ තුළ හිස්ටැමීන් ( histamine ) නම් රසායනික සංඝටකය ඇතුළු, තවත් රසායන ද්‍රව්‍ය නිපදවෙනවා.

මේ නිසා ඔබට ඇතිවන රෝග ලක්ෂණ වන්නේ,

  • සම - ඇග පුරා පළු දැමීම, කැසීම, මුහුණ තොල ඉදිමීම, රතුවීම
  • ️ ශ්වසන මාර්ගය - හුස්ම ගැනීමේ අපහසුව, උගුර තද වන බව දැනීම, කැස්ස , හතිය
  • ️ රුධිර පද්ධතිය - කලාන්තය, කරකැවිල්ල, නාඩි දැනීම අඩු වීම, නාඩි වැටෙන වේගය වැඩි වීම
  • ️ ආහාර මාර්ගය - වමනය, බඩේ වේදනාව, පාචනය

Anaphylaxis ඇතිවීමේදී, ආසාදනයට හේතු වන දෙය, ඖෂධ හෝ වෙනත් ඕනම දෙයක් වෙන්නට පුළුවන්.

ඔබට යම් ඖෂධයකට විරුද්ධව, සාමාන්‍ය අසාත්මික තත්ත්වයක් (Allergy ) කලින් කලින් ඇතිවෙලා තිබෙනවා නම්, එම ඖෂධය නිසා Anaphylaxis ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා.

මේ නිසා රෝහල් ගත වෙලා ඉන්න විට ඖෂධ නිසා Anaphylaxis ඇතිවීම වළක්වා ගැනීමට ඔබටත් විශාල වගකීමක් තිබෙනවා.

මේ සඳහා ඔබ,

  • ආසාත්මිකතා පිළිබඳ ඉතිහාසය (Allergic history) නිවැරැදිව වෛද්‍යවරයාට පැවසිය යුතුයි.

වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකුට ඖෂධ ලබා දීමට පෙර, එම රෝගියාට ඖෂධ වලට, ආහාර හෝ ප්ලාස්ටර් වලට මීට පෙර ආසාත්මිකතා (allergy ) ඇති වී තිබේ දැයි විමසනවා.

එම අසාත්මිකතා ඉතිහාසය අනුව, ලබාදෙන ඖෂධය වෙනස් කරමින් anaphylaxis ඇතිවීම වළක්වා ගැනීමට වෛද්‍යවරයාට පුළුවන්.

ඔබට පෙනිසිලින් ( penicillin ) වගේ ප්‍රතිජීවක ඖෂධයක් allergy වෙලා තිබෙනවා නම්, එම කාණ්ඩයට අයත් වෙනත් ප්‍රතිජීවක ඖෂධ ලබා දීම පවා, ඉතා අවදානම්.

මේ නිසා ඔබේ ආසාදන ඉතිහාසය පිළිබඳව, වෛද්‍යවරයාව නිවැරදිව දැනුවත් කිරීම ඔබේ වගකීමක්.

  • Anaphylaxis වල දී ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි

මීට පෙර සාමාන්‍ය අසාත්මිකතාවයක් (Allergy) ඇති නොවුණු ඖෂධ වලින් වුණත්, ඔබට anaphylaxis තත්ත්වය ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

ඒ නිසා ඔබ ඖෂධයක් ලබාගත් පසු, කලින් සඳහන් කළ රෝග ලක්ෂණ දැනෙනවා නම්, එම ලක්ෂණ උත්සන්න වන තුරු බලා නොසිට, ඉතා ඉක්මනින් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කරන්න.

Anaphylaxis වලට ප්‍රතිකාර ආරම්භ කිරීම ඉක්මන් වන තරමට, ඔබේ ජීවිතය බේරා ගැනීමට ඇති හැකියාව වැඩි වෙනවා.

ඔබේ හිතවතුන්වත්, ආසාදන ඉතිහාසය නිවැරැදිව ලබාදීම ගැන දැනුවත් කිරීම සහ, ඇතිවිය හැකි anaphylaxis රෝග ලක්ෂණ ගැන අවධානයෙන් සිටීම, ඔබේ වගකීමක්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu