ඔබට හෝ ඔබේ හිතවතෙකුට සර්පයකු දෂ්ට කළ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද ?
ශ්‍රී ලංකාවේ වසරකට සර්ප දෂ්ඨන අසූ දහසකට අධික ප්‍රමාණයක් සිදු වනවා. 400කට අධික ප්‍රමාණයක් සර්ප විෂෙන් මිය යනවා.
සර්පයකු දෂ්ට කළ විට රෝග ලක්ෂණ ඇති වන තෙක් නොසිට හැකි ඉක්මනින් රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි.
සර්ප දෂ්ඨන වලට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සිදුකරන්නේ රෝග ලක්ෂණ අනුවයි. ඉක්මනින් රෝගීයාව රෝහලට රැගෙන යන තරමට ප්‍රතිකාරයේ සාර්ථකත්වය වැඩියි.
සර්පයාගේ විශේෂය හඳුනා ගැනීම වෛද්‍ය ප්‍රතිකාර වලට උදව්වක් වෙනවා. නමුත් සර්පයාව ඇල්ලීමට යාම ඉතා අවදානම්. ඇතැම් සර්පයන්ගේ කඳෙන් වෙන්වුණු හිසෙන් පවා දෂ්ඨනයක් සිදු වීමට හැකියාව තිබෙනවා.
වෛද්‍යවරයාට ඔබේ දෂ්ඨන ස්ථානයේ ලක්ෂණ සහ ඔබේ සිරුරේ රෝග ලක්ෂණ අනුව දෂ්ඨ කළ සර්පයාගේ වර්ගය හඳුනාගැනීමට පුලුවන්. මේ නිසා සර්පයාව අල්ලා ගැනීමට හෝ මැරීමට උත්සාහ කරන්න එපා.
සර්ප දෂ්ඨනයකට ලක්වූ අයකුට ප්‍රථමාධාර ලබා දීමේදී , කළ යුතු වගේම නොකළ යුතු දේවල් තිබෙනවා. අපි ඒ කරුණු පහත රූපයේ දක්වා තිබෙනවා.
නොදැනුවත්භාවය සහ වැරදි මත නිසා, රෝහලට ගෙන යාමට පෙර ලබා දෙන වැරදි ප්‍රතිකර්ම නිසා, සංකූලතා ඇති වී රෝගියා මරණයට පත් වීමට පවා පුළුවන්.
මේ නිසා අප රූපයේ දක්වා ඇති ප්‍රථමාධාර, ඔබ නිවැරදිව අනුගමනය කළොත්, සර්ප දෂ්ඨනයකට ලක් වූ අයකුගේ ජීවිතය බේරා ගැනීමට ඔබට පුළුවන්.

