අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් !


අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි ! සමහර දවස්වලට තියෙන තද රස්නය නිසා, ගොඩක් වෙලා අව්වේ ඉන්න අය, විශේෂයෙන් පාසල් දරුවන්ට Heatstroke කියන බරපතල අසනීපය හැදෙන්න පුළුවන් ! අව්වෙ ඉන්න වෙලාවක ඔයා ළඟ ඉන්න කෙනෙක්ට, මෙහෙම කෙනෙක් රස්නය නිසා කලන්තෙ දාන්න හෝ සිහි නැති වෙන්න විශාල […]

අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි !

සමහර දවස්වලට තියෙන තද රස්නය නිසා, ගොඩක් වෙලා අව්වේ ඉන්න අය, විශේෂයෙන් පාසල් දරුවන්ට Heatstroke කියන බරපතල අසනීපය හැදෙන්න පුළුවන් !

අව්වෙ ඉන්න වෙලාවක ඔයා ළඟ ඉන්න කෙනෙක්ට,

  • ️ ඔලුව රිදීම, කරකැවිල්ල, කලන්තෙ ගතිය දැනෙනවා නම්,
  • ️ පුදුම විදිහට වතුර තිබහ එනවා, දාඩිය දානවා නම්,
  • වමනෙට වගේ එනවා, muscle cramp වෙනවා වගේ දේවල් කිව්වොත්, ඒ ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න !

මෙහෙම කෙනෙක් රස්නය නිසා කලන්තෙ දාන්න හෝ සිහි නැති වෙන්න විශාල අවදානමක් තියෙනවා !

  • ඒ කෙනාව හෙවණ තැනකට එක්ක ගිහින්,
  • වතුර බොන්න දීලා,
  • අනවශ්‍ය ඇඳුම් ඉවත් කරලා
  • තෙත මාත්තු කරලා හෝ පවන් ගහලා, ඒ කෙනාගේ ඇඟේ රස්නය අඩු කරන්න ඕනි !

එයාගේ ළඟින්ම ඉඳගෙන විවේක ගන්න සළස්වලා, අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනි !

මේ වගේ උපකාරයක් නොලැබුණු කෙනෙක් දිගටම අව්වේ හිටියොත් ?

මීට වඩා දරුණු තත්ත්වයක් වෙන, Heatstroke හැදෙන්න පුළුවන් !

 මෙහෙම කෙනෙක්ට,

  • ගොත ගැසීම,
  • ඇඟ වෙව්ලීම සහ වලිප්පුව,
  • වමනය යාම
  • සිහි නැතිවීම පවා සිදුවෙන්න පුළුවන්

මේක ඉතාම අවදානම් තත්ත්වයක් නිසා රෝගියාව හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යන්න, ගිලන් රථයකට ඇමතිය යුතුයි !

ගිලන් රථය එනකන්,

  • රෝගියාව හෙවණ තැනකට ගෙනිහින්,
  • අනවශ්‍ය ඇඳුම් ඉවත් කරලා, ඇඟේ රස්නය හැකි ඉක්මනින් අඩු කරන්න ඕනි !
  • බාත්ටබ් එකක් හෝ බේසමක් තියෙන තැනක නම්,
  • රෝගියාගේ ඇඟ වතුරේ ගිල්වන්න ඕනි.
  • තෙත රෙදි කෑල්ලකින් හෝ අයිස් පැක් මඟින්,
  • රෝගියාගේ ඇඟ තෙත මාත්තු කරන්න ඕනි
  • රෝගියාව ෆෑන් එකක් ළඟට එක්කගෙන යන්න ඕනි.

රෝගියා සිහි මද ගතියෙන් පෙළිය හැකි නිසා රෝගියාට වතුර බොන්න දෙන්න එපා !

මේ දේවල් කරලා රෝගියාව ඉක්මනට රෝහලකට රැගෙන යාමෙන්, රෝගියාගේ ජීවිතය බේරගන්න පුළුවන් !

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu