පිළිකාව තවදුරටත් නොසළකා සිටිය හැකි රෝගයක් නොවේ. ශ්‍රී ලංකාවේ රෝහල්වල සිදුවන මරණ සංඛ්‍යාවෙන් දෙවනුවට වැඩිම ප්‍රමාණයකට වගකිව යුත්තේ පිළිකා රෝග බව ඔබ දැන සිටියාද ? නිරෝගී ජීවන රටාවක් අනුගමනය කළොත් ඔබට ඇතිවිය හැකි පිළිකාවන් ගෙන් 1/3ක් වළක්වා ගන්න පුළුවන්. ඔබට පිළිකා රෝග වැළඳීමට ඇති අවදානම අඩු කිරීමට, පහත නිරෝගී ජීවන පුරුදු 6 අනුගමනය කිරීම ඉතා […]
මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියෝ අතර ජනප්‍රිය වෙලා තියෙන, E-සිගරට් / වේප් (vape) ගැන ඔබ දන්නවාද ? E-සිගරට් භාවිතා කළොත් ඔබට මොකද වෙන්නේ ? E-සිගරට් භාවිතයේදී වෙන්නේ, vape juice ( E-liquid ) ලෙස හඳුන්වන ද්‍රවය, බැටරියක ශක්තියෙන් රත් කරලා, හැදෙන වාෂ්පය, භාවිතා කරන කෙනා ආශ්වාස කිරීමයි. මේ E-liquid කියන ද්‍රවයේ, නිකොටින්, ග්ලිසරීන් සහ තවත් රසකාරක […]
ඔබත් නාසයෙන් සොටු දියර ගැලීම සහ කිවිසුම් යාම නිසා පීඩාවට පත් වෙනවාද ? මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද ? ඔබට මෙම රෝග ලක්ෂණ ඇති වීමට බලපාන සුලබතම රෝගය වන්නේ, Allergic rhinitis නමින් හැඳින්වෙන, නාස් කුහරයේ ආවරණ පටලවල ඇතිවන ප්‍රදාහ (inflammation) තත්ත්වයක්. මෙම රෝගය ආරය නිසා ( පවුලේ අයට රෝගය තියෙනවා නම් ), […]
ඔබේ කුස තුළම දරුවා මිය යාමේ අවදානමක්, ගර්භණී කාලයේදී දියවැඩියාව හැදෙන අම්මා කෙනෙක්ට තියෙනවා කියලා දන්නවාද ? මේක වළක්වාගෙන නිරෝගී දරු උපතක් ලබා ගන්නේ කොහොමද කියලා, මේ ලිපියෙන් ඔබට දැනගන්න පුළුවන් ! කලින් දියවැඩියාව තියෙන බවට හඳුනා නොගත් කාන්තාවකට වුණත්, ගර්භණී කාලයේදී ඇඟේ ඇතිවෙන වෙනස්කම් නිසා, දියවැඩියාව ඇතිවෙන්න පුළුවන්. මේ බව ගොඩක් වෙලාවට අඳුනා ගන්නේ […]
උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට විරුද්ධව, නොයෙකුත් ආගමික සහ සංස්කෘතික බලපම් තිබුණත්, ඔබට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම සඳහා ඔබට ඇති අයිතියට, කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකියි. උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කම කුමක්ද ? 1. දරු උපත් ප්‍රමාද කිරීම සහ අනවශ්‍ය කාල වල දී සිදුවන දරු උපත් නවත්වා ගැනීම. ලිංගිකව සක්‍රිය යුවලක්, අනාගතයේ යම් […]
ගංවතුර නිසා වැඩිවෙන මී උණෙන්, ජීවිතය බේරගන්නේ කොහොමද ? ඔයා ගංවතුරේ බැහැලා ඇවිදින කොට, ඔයාගේ හමේ තියෙන කැපුම් හා සීරුම් තුවාල වලින්, Leptospira කියන බැක්ටීරියාව ඔයාගේ ඇඟට ඇතුළු වෙලා, මී උණ හැදෙන්න පුළුවන්. මීයන්ගේ ඇඟේ ඉන්න leptospira බැක්ටීරියාව, මීයන්ගේ මුත්‍රා එක්ක පරිසරයට නිදහස් වෙනවා. මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වුණු වතුර වල, තෙත පස් හෝ මඩ […]
ඔයාට ගංවතුරේ බැහැලා ඇවිදින්න සිද්ධ වුණොත්, ⭕බූට්ස් හෝ කකුල වැහෙන සපත්තු, ඒ වගේම හම ආවරණය වෙන විදියේ දිග කලිසමක් ඇඳගෙන යන්න. ⭕ගංවතුරෙන් ගොඩට ආපු ගමන්ම, ගංවතුරට නිරාවරණය වුණු කොටසේ හම සබන් දාලා හොඳින් හෝදන්න. ⭕කකුල් වල තුවාල තියෙනවා නම්, ඒවා හොඳින් පිරිසිදු කරලා, ප්ලාස්ටර් දාලා ආවරණය කරලා, ගංවතුරට නිරාවරණය වෙන්න නොදී තියාගන්න. පූර්ව ආරක්ෂක ක්‍රමය […]
මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අය ⭕ගංවතුරේ බැහැලා යන්න වෙන අය, ⭕ආධාර දෙන්න ගංවතුර තියෙන තැන්වලට යන අය, ⭕ගංවතුරෙන් යටවුණු තැන් පිරිසිදු කරන අය, ⭕කුඹුරු හෝ වගා වැඩ කරන අය, ⭕කාණු පිරිසිදු කරන අය වගේ, මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අයට,මී උණ හැදෙන එක වළක්වාගන්න පූර්ව ආරක්ෂක ක්‍රමයක් විදියට (prophylaxis) Doxycycline කියන බෙහෙත, […]
ලුණුවල අයඩීන් තියෙනවා කියලා දැනගෙන හිටියත්, ඇඟට අයඩීන් අඩු වුණොත් මේ විදිහට ඔයාගේ බෙල්ල ඉදිමෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ? කෑම වලට ලුණු දාද්දී ගොඩක් අය කරන වැරදි නිසා, ලුණුවල තියෙන අයඩින් ටික විනාශ වෙනවා. අයඩීන් මිශ්‍ර ලුණු හරියට අරගෙන, මෙහෙම වෙන එක නවත්වා ගන්නේ කොහොමද? අපේ ඇඟට ලැබෙන අයඩීන් වලින් කෙරෙන ලොකුම වැඩේ තමයි, […]
ඔබට HIV රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි ඔබ සිතනවාද ? HIV රෝග පරීක්ෂාවක් සිදුව්කර ගැනීමට ලිංගාශ්‍රිත රෝග සායනයකට යන්නට ඔබ මැලිකමක් දක්වනවා ද ? ඔබට HIV තිබෙනවාද කියලා, ඔබටම, ඔබේ නිවසේදීම, ඉතා පහසුවෙන් පරික්ෂා කරගෙන බලන්න පුළුවන්. මේ සඳහා ඔබ භාවිතා කළ යුතු HIV ස්වයං පරීක්ෂණ කට්ටලය (HIV Self-Test Kit), දැන් ඔබට නොමිලේම ගෙදරටම ගෙන්වා ගන්න […]