මී උණෙන්, ජීවිතය බේරගන්නේ කොහොමද ? 


ගංවතුර නිසා වැඩිවෙන මී උණෙන්, ජීවිතය බේරගන්නේ කොහොමද ?  ඔයා ගංවතුරේ බැහැලා ඇවිදින කොට, ඔයාගේ හමේ තියෙන කැපුම් හා සීරුම් තුවාල වලින්, Leptospira කියන බැක්ටීරියාව ඔයාගේ ඇඟට ඇතුළු වෙලා, මී උණ හැදෙන්න පුළුවන්.  මීයන්ගේ ඇඟේ ඉන්න leptospira බැක්ටීරියාව, මීයන්ගේ මුත්‍රා එක්ක පරිසරයට නිදහස් වෙනවා.  මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වුණු වතුර වල, තෙත පස් හෝ මඩ […]

ගංවතුර නිසා වැඩිවෙන මී උණෙන්, ජීවිතය බේරගන්නේ කොහොමද ? 

ඔයා ගංවතුරේ බැහැලා ඇවිදින කොට, ඔයාගේ හමේ තියෙන කැපුම් හා සීරුම් තුවාල වලින්, Leptospira කියන බැක්ටීරියාව ඔයාගේ ඇඟට ඇතුළු වෙලා, මී උණ හැදෙන්න පුළුවන්. 

මීයන්ගේ ඇඟේ ඉන්න leptospira බැක්ටීරියාව, මීයන්ගේ මුත්‍රා එක්ක පරිසරයට නිදහස් වෙනවා. 

මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වුණු වතුර වල, තෙත පස් හෝ මඩ තියෙන තැන් වල, ඒ වගේම කුඹුරු වගේ තැන්වල, මේ මී උණ හදන බැක්ටීරියාව ඉන්නවා. ගංවතුර කියන්නෙත් එහෙම තැනක්. 

මී උණ රෝග ලක්ෂණ

ඔයාට මී උණ රෝගය හැදුණොත්,

ඇඟ වෙව්ලීම සහ සීතල එක්ක උණ හැදෙන්න පුළුවන් 

ඒ වගේම මස්පිඬු වේදනාව, ඇස් රතු වීම, තද හිසේ කැක්කුම සහ බඩ රිදීම 

හම හෝ ඇස් කහ වීම ඇතිවෙන්න පුළුවන්.

ඉතින් මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගන්න. 

එහෙම නැති වුනොත් අක්මාව, වකුගඩු, පෙනහළු සහ මොළයට බලපාන බරපතල සංකූලතා ඇති වෙන්න පුළුවන්. 

මී උණ හැදෙන එක වළක්වා ගන්නේ කොහොමද ?

විනෝදයට ගංවතුර බැහැලා ඇවිදින්න, පීනන්න, පාරු පදින්න යන්න එපා.

ඔයාට ගංවතුරේ බැහැලා ඇවිදින්න සිද්ධ වුණොත්, බූට්ස් හෝ කකුල වැහෙන සපත්තු, ඒ වගේම හම ආවරණය වෙන විදියේ දිග කලිසමක් ඇඳගෙන යන්න.

ගංවතුරෙන් ගොඩට ආපු ගමන්ම, ගංවතුරට නිරාවරණය වුණු කොටසේ හම සබන් දාලා හොඳින් හෝදන්න.

කකුල් වල තුවාල තියෙනවා නම්, ඒවා හොඳින් පිරිසිදු කරලා, ප්ලාස්ටර් දාලා ආවරණය කරලා, ගංවතුරට නිරාවරණය වෙන්න නොදී තියාගන්න.

ගොවිතැන් කරන අය, ගංවතුරෙන් යටවුණු තැන් පිරිසිදු කරන අය වගේ, මේ උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අයට, ඔයාගේ ප්‍රදේශයේ MOH office එකෙන් ( සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ) Doxycycline කියන බෙහෙත ගන්න පුළුවන්.

මී උණ හැදෙන්න කලින්, MOH එකෙන් දෙන උපදෙස් අනුව මේ බෙහෙත ගත්තොත්, මී උණ හැදෙන එක වළක්වා ගන්න පුළුවන්.

මී උණ රෝගය වළක්වා ගැනීම ඔයාගේ වගකීමක්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu