ඔයාට ගංවතුරේ බැහැලා ඇවිදින්න සිද්ධ වුණොත්,
⭕බූට්ස් හෝ කකුල වැහෙන සපත්තු, ඒ වගේම හම ආවරණය වෙන විදියේ දිග කලිසමක් ඇඳගෙන යන්න.
⭕ගංවතුරෙන් ගොඩට ආපු ගමන්ම, ගංවතුරට නිරාවරණය වුණු කොටසේ හම සබන් දාලා හොඳින් හෝදන්න.
⭕කකුල් වල තුවාල තියෙනවා නම්, ඒවා හොඳින් පිරිසිදු කරලා, ප්ලාස්ටර් දාලා ආවරණය කරලා, ගංවතුරට නිරාවරණය වෙන්න නොදී තියාගන්න.
පූර්ව ආරක්ෂක ක්‍රමය
ගංවතුරට නිරාවරණය වෙන අයට මී උණ හැදෙන එක වළක්වාගන්න පූර්ව ආරක්ෂක ක්‍රමයක් (prophylaxis) විදියට,
Doxycycline කියන බෙහෙත, ඔයාගේ ප්‍රදේශයේ MOH office එකෙන් ( සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ) ගන්න පුළුවන්.
එහෙම නැත්නම් වෛද්‍ය නිර්දේශය මත ළඟම ෆාමසියෙන් ගන්නත් පුළුවන්.
❌ගර්භණී සහ කිරි දෙන අම්මලා,
❌අවුරුදු 12ට අඩු දරුවන්,
❌doxycycline හෝ tetracycline බෙහෙත් allergy අය
මේ බෙහෙත බීමෙන් වළකින්න ඕනි. එයාලා වෙනුවෙන් වෙනත් පූර්ව ආරක්ෂක බෙහෙත් MOH එකෙන් ලබාදෙනවා.
⭕ ඒ වගේම, විනෝදයට ගංවතුර බැහැලා ඇවිදින්න, පීනන්න, පාරු පදින්න යන්න එපා.

