දුම් වැටි කියන්නේ ඔයාට මිය යන්න තියෙන අමාරුම විදිය. එහෙම කියන්න හේතුව තමයි, දුම්වැටි පාවිච්චි කරන කෙනෙක්, කියල ඉවර කරන්න බැරි තරම් දරුණු ලෙඩ රෝග ගණනාවකට ගොදුරු වෙලා, අවුරුදු ගණනක් විඳවලා තමයි මිය යන්නේ. ඉතින් මේ තරම් විඳවන්න වෙනවා කියලා දැන දැනත්, ලංකාවේ තරුණයෝ විතරක් නෙවෙයි, තරුණියෝ පවා දුම්පානය පටන් ගන්නේ ඇයි ? ලංකාවේ තරුණ […]
දරුණු ඖෂධ අසාත්මිකතාවයක් (Anaphylaxis) ඇති වීම, ඔබේ මරණයට හේතුවක් වෙන්නට පුළුවන්. මෙය වළක්වා ගන්නේ කොහොමද ? දරුණු අසාත්මික ප්‍රතික්‍රියාවක් ( Anaphylaxis ) ඇති වීමට හේතුව, යම් දෙයකට විරුද්ධව ඔබේ ඇඟේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය, අසාමාන්‍ය ලෙස අධිකව ක්‍රියා කිරීමයි. මේ නිසා ඔබේ ඇඟ තුළ හිස්ටැමීන් ( histamine ) නම් රසායනික සංඝටකය ඇතුළු, තවත් රසායන ද්‍රව්‍ය නිපදවෙනවා. මේ […]
ඔබ ජලය පානය කරනවා අඩු නම්, ඇඟ විජලනය වෙලා නම්, ඔබට වකුගඩු ආබාධ, මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඔබේ ඇඟ විජලනය වී (ඇඟේ වතුර ප්‍රමාණය අඩු වී ) තිබෙනවාද කියා දැනගත හැකි පහසුම ක්‍රමය වන්නේ ඔබගේ මුත්රාවල පාට පරීක්ෂා කර බැලීමයි. අධික දහඩිය දැමීම, වමනය, පාචනය වැනි හේතූන් නිසා ඔබේ ඇඟෙන් වතුර විශාල […]
ඔබට හෝ ඔබේ හිතවතෙකුට සර්පයකු දෂ්ට කළ විට ලබාදිය යුතු ප්‍රථමාධාර පිළිබඳව ඔබ දැනුවත්ද ? ශ්‍රී ලංකාවේ වසරකට සර්ප දෂ්ඨන අසූ දහසකට අධික ප්‍රමාණයක් සිදු වනවා. 400කට අධික ප්‍රමාණයක් සර්ප විෂෙන් මිය යනවා. සර්පයකු දෂ්ට කළ විට රෝග ලක්ෂණ ඇති වන තෙක් නොසිට හැකි ඉක්මනින් රෝගියාට වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය යුතුයි. සර්ප දෂ්ඨන වලට වෛද්‍ය ප්‍රතිකාර […]
ඔයාගේ මූණ සුදුමැලියි නම්, ඉක්මනින් මහන්සි දැනෙනවා නම්, ඔයාගේ ඇඟේ යකඩ අඩුවීම මේකට හේතුව වෙන්න පුළුවන් අද අපි කතා කරමු, ඔයාගේ ඇඟට අවශ්‍ය යකඩ හරි විදිහට ගන්නේ කොහොමද කියලා. අපේ ඇඟට කෑමෙන් ලැබෙන යකඩ වර්ග දෙකක් තියෙනවා. නිවිති, කතුරුමුරුංගා, මුරුංගා කොළ වගේ තද කොළ පාට පලා වර්ග වලින්, කඩල කවුපි මුං පරිප්පු වගේ මාංශ භෝග […]
ඔබත් නාසයෙන් සොටු දියර ගැලීම සහ කිවිසුම් යාම නිසා පීඩාවට පත් වෙනවාද ? මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද ? ඔබට මෙම රෝග ලක්ෂණ ඇති වීමට බලපාන සුලබතම රෝගය වන්නේ, Allergic rhinitis නමින් හැඳින්වෙන, නාස් කුහරයේ ආවරණ පටලවල ඇතිවන ප්‍රදාහ (inflammation) තත්ත්වයක්. මෙම රෝගය ආරය නිසා ( පවුලේ අයට රෝගය තියෙනවා නම් ), […]
ගංවතුර නිසා වැඩිවෙන මී උණෙන්, ජීවිතය බේරගන්නේ කොහොමද ? ඔයා ගංවතුරේ බැහැලා ඇවිදින කොට, ඔයාගේ හමේ තියෙන කැපුම් හා සීරුම් තුවාල වලින්, Leptospira කියන බැක්ටීරියාව ඔයාගේ ඇඟට ඇතුළු වෙලා, මී උණ හැදෙන්න පුළුවන්. මීයන්ගේ ඇඟේ ඉන්න leptospira බැක්ටීරියාව, මීයන්ගේ මුත්‍රා එක්ක පරිසරයට නිදහස් වෙනවා. මීයන්ගේ මුත්‍රා වලින් අපවිත්‍ර වුණු වතුර වල, තෙත පස් හෝ මඩ […]
ඔයාට ගංවතුරේ බැහැලා ඇවිදින්න සිද්ධ වුණොත්, ⭕බූට්ස් හෝ කකුල වැහෙන සපත්තු, ඒ වගේම හම ආවරණය වෙන විදියේ දිග කලිසමක් ඇඳගෙන යන්න. ⭕ගංවතුරෙන් ගොඩට ආපු ගමන්ම, ගංවතුරට නිරාවරණය වුණු කොටසේ හම සබන් දාලා හොඳින් හෝදන්න. ⭕කකුල් වල තුවාල තියෙනවා නම්, ඒවා හොඳින් පිරිසිදු කරලා, ප්ලාස්ටර් දාලා ආවරණය කරලා, ගංවතුරට නිරාවරණය වෙන්න නොදී තියාගන්න. පූර්ව ආරක්ෂක ක්‍රමය […]
මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අය ⭕ගංවතුරේ බැහැලා යන්න වෙන අය, ⭕ආධාර දෙන්න ගංවතුර තියෙන තැන්වලට යන අය, ⭕ගංවතුරෙන් යටවුණු තැන් පිරිසිදු කරන අය, ⭕කුඹුරු හෝ වගා වැඩ කරන අය, ⭕කාණු පිරිසිදු කරන අය වගේ, මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අයට,මී උණ හැදෙන එක වළක්වාගන්න පූර්ව ආරක්ෂක ක්‍රමයක් විදියට (prophylaxis) Doxycycline කියන බෙහෙත, […]
ලුණුවල අයඩීන් තියෙනවා කියලා දැනගෙන හිටියත්, ඇඟට අයඩීන් අඩු වුණොත් මේ විදිහට ඔයාගේ බෙල්ල ඉදිමෙන්න පුළුවන් කියලා දැනගෙන හිටියද ? කෑම වලට ලුණු දාද්දී ගොඩක් අය කරන වැරදි නිසා, ලුණුවල තියෙන අයඩින් ටික විනාශ වෙනවා. අයඩීන් මිශ්‍ර ලුණු හරියට අරගෙන, මෙහෙම වෙන එක නවත්වා ගන්නේ කොහොමද? අපේ ඇඟට ලැබෙන අයඩීන් වලින් කෙරෙන ලොකුම වැඩේ තමයි, […]