Category: Medicine – කායික රෝග

දිවට රස ලුණු හදවතට හොඳ නැත්තේ ඇයි?

හදවත් රෝග තියෙන අයට, ලුණු කෑම අඩු කරන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දෙන බව ඔබ අහලා ඇති. මොකක්ද මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම ? හදවත තමයි අපේ ශරීරයේ රුධිර පොම්පය විදියට ක්‍රියා කරලා, ඇඟ පුරා රුධිරය බෙදා හරින්නේ. යම් හේතුවක් නිසා ඇඟේ මුළු රුධිර ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත්, වරකට විශාල රුධිර පරිමාවක් පොම්ප කරන්න වෙනවා. හෘද රෝග […]

Read More
මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ? 

පිටරටින් එන උණ රෝගීන් නිසා, මැලේරියා මාරයා යළිත් හිස ඔසවයිද ?  මැලේරියා රෝගය බෝ වෙන්නේ ඇනෝපිලස් (Anophelus) මදුරුවා දෂ්ට කරද්දී අපේ ඇඟට ඇතුළු වෙන Plasmodium පරපෝෂිතයා නිසයි. ලංකාව ඇතුලේදීම මැලේරියා රෝගය වැලඳුන රෝගීන් (endogenous cases) නැති වුණත්, පිටරට ඉඳලා එන මැලේරියා රෝගීන් නිසා ලංකාවේ ආයෙත් malaria පැතිරීමේ ලොකු අවදානමක් තියෙනවා. හේතුව, මැලේරියා රෝග වාහක ඇනෝපිලස් […]

Read More
චිකුන්ගුන්යා රෝගය ගැන දැනගමු !

චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වැඩිවීමක් මේ දිනවල වාර්තා වෙනවා. ආසාදිත මදුරුවෙක් ඔබව දෂ්ඨ කළොත්, මදුරුවාගේ ඇඟේ සිට, මෙම රෝගය ඇති කරන වෛරසය ඔබේ ඇඟට ඇතුළු වෙලා, රෝගය හැදෙන්න පුළුවන්. මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ? වැනි ලක්ෂණ මේ රෝගයේදී ඇතිවෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. එළිමහනේ ගැවසෙන දරුවන්ට මදුරුවන් […]

Read More
Migraine වලට බෙහෙත් තියෙනවාද ?

Migraine පාලනය කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු. Migraine තියෙන කෙනෙක්ට දෙන බෙහෙත් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. එක් කාණ්ඩයක් තමයි, ඔලුව කැක්කුමක් හැදුණු වෙලාවට ඒ ඔලුව කැක්කුමේ වේදනාව අඩු වෙන්න දෙන වේදනානාශක. Migraine තියෙන කෙනෙක් ඔලුවෙකුම හැදුනු වහාම වෛද්‍යවරයා ඔබට නියම කරපු වේදනාශක බෙහෙත ගන්න ඕනි. අනික් කාණ්ඩය තමයි, Migraine රෝගය යටපත් කරන්න දෙන […]

Read More
ඩෙංගු හැදුණොත් හිතුමනාපෙට වේදනානාශක බොන්න එපා !

ඩෙංගු උණ හැදුණොත් ජීවිතය බේරගන්න, මේ පණිවිඩය හරිම වැදගත් ! උණ හැදුණු කෙනෙක්ව ගෙදර තියාගෙන, Aspirin, Brufen, Diclofenac, Mefenamic acid වගේ වේදනානාශක බෙහෙත් දුන්නොත්, ඒ කෙනාගේ ජීවිතය නැති වෙන්න පවා අවදානමක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ? උණ හැදුනම ඇඟේ පතේ අමාරුව සහ ඔලුව කැක්කුම අඩු වෙන්නත්, උණ අඩු වෙන්නත් කියලා, ගෙදර තියෙන NSAIDs කාණ්ඩයට […]

Read More
රක්තහීනතාවය (ලේ අඩු කම/ ඇනීමියාව)

මහන්සි ගතිය, කරකැවිල්ල, මුහුණ සුදුමැලි වීම තිබෙනවාද ? ඔබට රක්තහීනතාවය තිබෙනවා විය හැකියි.  රක්තහීනතාවය (ඇනීමියාව) කියන්නේ, ඔබේ රතු රුධිර සෛලවල තිබෙන හිමොග්ලොබින් කියන සංඝටකය අඩුවීම නිසා ඇතිවන රෝගයක්. හිමොග්ලොබීන් වල කාර්යය වෙන්නේ ඔබේ ඇඟේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමයි. හිමොග්ලොබින් අඩු වුණාම, ඔබේ සෛල වලට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන නිසා පහත රෝග ලක්ෂණ ඇති වෙන්න […]

Read More
නිපා වෛරසය - වවුලන්ගෙන් සහ ඌරන්ගෙන් බෝවන වෛරස රෝගය

සතුන්ගෙන් මිනිසුන්ට මූලිකවම බෝවන (zoonotic), නිපා වෛරසය, මුලින්ම හඳුනා ගෙන ඇත්තේ, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ ඌරු ගොවිපළ වල කටයුතු කරන පිරිසකට, මොලේ උණ රෝග තත්ත්වය ඇතිවී, සියයකට අධික මරණ සංඛ්‍යාවක් සිදු වූ අවස්ථාවේදී යි. මෙම වෛරසය ස්වභාවිකවම flying fox නමැති වවුල් විශේෂයේ ඇඟ තුළ ජීවත් වෙනවා. එම වවුලන්ගෙන් මෙම වෛරසය ඌරන්ගේ ඇඟට ඇතුළු වීමට පුළුවන්. නිපා […]

Read More
මුත්‍රා ගල් හැදෙන්නේ කොහොමද ?

ඔයා හරියට වතුර බොන්නේ නෑ නේද ? වතුර අඩුවෙන් බීලා ඇඟ විජලනය වුණොත්, (ඇඟ වේලුණොත්) ඔයාට මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ? ඔයාගේ මුත්‍රා වල තියෙන ඛනිජ සහ අම්ල ලවණ කැටි ගැහිලා තමයි මුත්‍රා ගල් හැදෙන්නේ. ඔයාට මුත්‍රාගල් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද ? ඔයාගේ වකුගඩු වල, මුත්‍රා නාල වල, ඒ වගේම මුත්‍රාශයේ මේ […]

Read More
Health simplified your way
crossmenu