හදිසි උපත් පාලන ක්‍රමයක් විදිහට, postinor පෙත්තට වඩා, Cu IUD ලූපය හොඳයි කියලා ඔයා දන්නවාද ? කොපර් ලූපය හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් බවවත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එකතු වීමකට පස්සේ, අනවශ්‍ය දරෝපතක් ඇතිවෙන එක වළක්වන්න, ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් දෙනෙක්ගේ එකම විසඳුම තමයි postinor පෙත්ත. ගොඩක් දෙනෙක් දීර්ඝ කාලීන […]
කොපර් IUD ලූපය තැන්පත් කළ කාන්තාවකට, ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. ලූප් එක හරි විදියට ගර්භාෂය තැන්පත් වුණාම ලූපයේ තියෙන නූල, ගැබ් ගෙලේ […]
කාන්තාවන්ගේ ගර්භාෂයේ තැන්පත් කරන, මේ T හැඩැති පුංචි උපකරණයෙන්, උපත් පාලනය කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ? කොපර් IUD ලූපය කියන්නෙ මොකක්ද? කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. කොපර් ලූප් එකේ හෝමෝන […]
ගර්භාෂයේ ඇතුළු බිත්තියේ පටක, ගර්භාෂයෙන් පිටත ඇගේ වෙනත් තැන්වල වර්ධනය වන රෝගයක් තිබෙන බව ඔබ දන්නවාද ? එන්ඩොමෙට්‍රියෝසිස් නමින් හඳුන්වන මෙම රෝගය ඔසප් වීම් සිදුවන වයසේ කාන්තාවන්ගෙන් 10%කට තිබිය හැකි සුලභ රෝග තත්ත්වයක්. මෙම රෝගය හැදෙන්නේ කොහොමද කියලා හරියටම හොයාගෙන නැතත්, දැනට පිළිගත් හේතුව වෙන්නේ, ඔසප් වීමේදී බිඳවැටෙන ගර්භාෂයේ ඇතුළු බිත්තියේ පටක, පැලෝබිය නාල දිගේ […]
ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීම් ගැන රෝග ලක්ෂණ දැන සිටීමෙන්, ජීවිතයක් බේරා ගැනීමට හැකි බව ඔබ දන්නවාද? ඔබේ මාසික ඔසප් වීම ප්‍රමාද වෙලා තිබෙන කාල සීමාවක, යටි බඩේ දරුණු වේදනාවක් සමඟ, කලාන්ත ගතියක් හෝ සිහි නැති වීමක් වුණොත්, වහාම රෝහලක් වෙත යන්න, මොකද ඔබට ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවී තිබෙන්න පුළුවන් ! මේ තත්ත්වය ඉක්මනින් වෛද්‍ය […]
උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට විරුද්ධව, නොයෙකුත් ආගමික සහ සංස්කෘතික බලපම් තිබුණත්, ඔබට ගැළපෙන උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම සඳහා ඔබට ඇති අයිතියට, කිසිවෙකුටත් විරුද්ධ විය නොහැකියි. උපත් පාලන ක්‍රම භාවිතා කිරීමේ වැදගත්කම කුමක්ද ? 1. දරු උපත් ප්‍රමාද කිරීම සහ අනවශ්‍ය කාල වල දී සිදුවන දරු උපත් නවත්වා ගැනීම. ලිංගිකව සක්‍රිය යුවලක්, අනාගතයේ යම් […]
ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර, බහුලතම පිළිකා වර්ගයක් වන ගැබ්ගෙල පිළිකාව පිළිබඳව ඔබ දැනුවත්ද ? ගැබ්ගෙල (cervix) කියන්නේ, ගර්භාෂය සහ යෝනි මාර්ගය අතර පිහිටන ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර කොටසක්. ගැබ්ගෙල පිළිකාවක් ඇතිවීමට බලපාන මූලිකම හේතුව වන්නේ , හියුමන් පැපිලෝමා නමැති වෛරසය (HPV) ඔබේ ඇඟට ඇතුළු වී ගැබ්ගෙල ප්‍රදේශයේ දිගු කාලයක් පවතින ආසාදනයක් ඇති කිරීමයි. දැනටමත් HPV […]