කොපර් IUD ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ?


කොපර් IUD ලූපය තැන්පත් කළ කාන්තාවකට, ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. ලූප් එක හරි විදියට ගර්භාෂය තැන්පත් වුණාම ලූපයේ තියෙන නූල, ගැබ් ගෙලේ […]

කොපර් IUD ලූපය තැන්පත් කළ කාන්තාවකට, ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැත්නම් මොකද වෙන්නේ?

කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්.

ලූප් එක හරි විදියට ගර්භාෂය තැන්පත් වුණාම ලූපයේ තියෙන නූල, ගැබ් ගෙලේ සිදුරෙන් එළියට ඇවිල්ලා, යෝනි මාර්ගය ඉහළ කොටසේ රැඳිලා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම තියෙන්නේ ලූපය ඉවත් කිරීම පහසු වෙන්නයි.

කොපර් රූපය හා සම්බන්ධ නූල ඔබට දැනෙන්නේ නැති වීමට හේතුව, නූල ගැබ්ගෙල තුළ හෝ, ගර්භාෂය තුළ රැඳී තිබීම විය හැකියි.

නමුත් වෛද්‍ය පරීක්ෂණයකින් කොපර්ලෝපය ගර්භාෂය තුළ තියෙන බව තහවුරු කරගන්න තෙක්,

  • ලූපය පිටතට වැටී තිබීම සහ ඒ නිසා ඔබ ගැබ් ගෙන සිටීම
  • ලූපය ඇතුළු කිරීමේදී ගර්භාෂ බිත්තිය සිදුරු වී තිබීම කියන දේවල් වෙලාද කියල සැලකිලිමත් විය යුතුයි.

ඔබ නොදැනුවත්ව කොපර් ලූපය පිටතට වැටීමෙන් අනතුරුව, ඔබ ලිංගිකව එක්වෙලා තියෙනවා නම් ඔබ ගැබ් ගෙන සිටීමේ අවදානමක් තියෙනවා.

ඒ නිසා ගර්භනී භාවය පරීක්ෂා කිරීම සහ, ලූපය ගර්භාෂය තුළ තිබෙන බවට වෛද්‍යවරයා තහවුරු කරන තෙක්, වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම සිදුකළ යුතුයි.

කොපර් ලූපය තැන්පත් කළාට පසුව ඉබේ හැලී යාමට පළමු මාස තුන තුළ හැකියාවක් තියෙනවා. ලූපය තැන්පත් කළාට පස්සේ සිදුවන පළමු වන ඔසප් වීමත් සමඟ ලෝපය පිටතට ඒමට හැකියාවකුත් තියෙනවා. නමුත් මෙය වෙන්න තියෙන හැකියාව ක්‍රමයෙන් අඩුවෙනවා.

සමහර වෙලාවට ඔබට නොදැනී කොපර් ලූපය හැලී යා හැකි නිසා, පළමු මාස කිහිපය තුළ ලූපයේ නූල දැනෙනවාද කියා, ඔබ විසින්ම යෝනි මාර්ගයේ ඉහළ කොටස පරීක්ෂා කර බැලිය යුතුයි.

එහෙම පරීක්ෂා කරන කොට, නූල ඇදීම සිදු නොකළ යුතුයි. නූල ඇද්දොත් ලූපය පිටතට ඒමේ හැකියාවක් තියෙනවා.

දරුවන් ලැබිලා නැති කාන්තාවකගේ ගර්භාෂයේ කොපර් ලූපය තැන්පත් කළොත්, එය ඉබේ හැලී යාමට ඇති හැකියාව ඉහළයි. ඒ නිසා සාමාන්‍යයෙන් දරුවන් නොලැබුණු කාන්තාවන් සඳහා කොපර් ලූපය තැන්පත් කරන්නේ නැහැ.

Cu ලෝපය තැන්පත් කිරීමේදී ඉතා කලාතුරකින් ගර්භාෂය බිත්ති සිදුරු වී, ලූපය ශ්‍රෝනි කුහරයට යාමට පුළුවන්. ලූපය තැන්පත් කළාට පසුව නූල දැනෙන්නේ නැතිවීම සමග දරුණු යටිබඩ වේදනාවක් දැනෙනවා නම් ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.

Cu ලූපයට සම්බන්ධ නූල නොදැනීමට හරියටම හේතුව මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂණයකින් පමණයි. ඒ නිසා එහෙම නූල දැනෙන්නේ නැත්නම්, වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත කරන ගමන්, හැකි ඉක්මනින් වෛද්‍යවරයෙක් මුණගැහෙන්න.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu