එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය ගැන ඔබ දන්නවාද?


ගර්භාෂයේ ඇතුළු බිත්තියේ පටක, ගර්භාෂයෙන් පිටත ඇගේ වෙනත් තැන්වල වර්ධනය වන රෝගයක් තිබෙන බව ඔබ දන්නවාද ? එන්ඩොමෙට්‍රියෝසිස් නමින් හඳුන්වන මෙම රෝගය ඔසප්‍ වීම් සිදුවන වයසේ කාන්තාවන්ගෙන් 10%කට තිබිය හැකි සුලභ රෝග තත්ත්වයක්. මෙම රෝගය හැදෙන්නේ කොහොමද කියලා හරියටම හොයාගෙන නැතත්, දැනට පිළිගත් හේතුව වෙන්නේ, ඔසප් වීමේදී බිඳවැටෙන ගර්භාෂයේ ඇතුළු බිත්තියේ පටක, පැලෝබිය නාල දිගේ […]

ගර්භාෂයේ ඇතුළු බිත්තියේ පටක, ගර්භාෂයෙන් පිටත ඇගේ වෙනත් තැන්වල වර්ධනය වන රෝගයක් තිබෙන බව ඔබ දන්නවාද ?

එන්ඩොමෙට්‍රියෝසිස් නමින් හඳුන්වන මෙම රෝගය ඔසප්‍ වීම් සිදුවන වයසේ කාන්තාවන්ගෙන් 10%කට තිබිය හැකි සුලභ රෝග තත්ත්වයක්.

මෙම රෝගය හැදෙන්නේ කොහොමද කියලා හරියටම හොයාගෙන නැතත්, දැනට පිළිගත් හේතුව වෙන්නේ,

ඔසප් වීමේදී බිඳවැටෙන ගර්භාෂයේ ඇතුළු බිත්තියේ පටක, පැලෝබිය නාල දිගේ වැරදි දිශාවට ගමන් කරලා, උකුල තුළ ඇති විවිධ අවයව වල තැන්පත් වන බවයි.

මේ පටක ලිංගික හෝමෝන වලට සංවේදී නිසා, ඔසප් වීමේදී ගර්භාෂය සිදුවන විදිහටම, මේ පටක වලිනුත් රුධිරය වහනය වෙනවා. මේ විදියට දිගින් දිගටම සිදුවන රුධිර වහනය සහ ප්‍රධාහ තත්ත්වය නිසා, ශ්‍රෝනියේ (උකුළේ) අවයව එකට ඇලවීම සිදුවෙන්න පුළුවන්.

මේ විදියට ශ්‍රෝනි කුහරයේ අවයව වල සිදුවන වෙනස්වීම් නිසා, මෙම රෝගය තියෙන කාන්තාවන්ට මදසරුභාවය ඇතිවෙලා, දරුවෙකු ලැබීමට ඇති හැකියාව අඩුවෙන්න පුළුවන්.

පවුලේ ළඟම ඥාතියෙකුට එන්ඩොමෙට්‍රෝසිස් රෝගය තියෙනවා නම් ඔබටත් එය හැදෙන්නට අවදානමක් තියෙනවා.

එන්ඩෝමෙට්රෝසිස් රෝගය කලින් හඳුනාගත්තොත් එය දරුණු තත්ත්වයට පත්වීමට පෙර ප්‍රතිකාර ආරම්භ කරන්න පුළුවන්.

එන්ඩෝමෙට්‍රියෝසිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

  • ඔසප් වීම සිදුවන කාලයේදී යටි බඩේ, උකුලේ සහ කොන්දේ වේදනාවක් ඇතිවීම, ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවීම
  • ලිංගිකව එකතු වන විට අධික වේදනාවක් ඇතිවීම
  • මුත්‍රා කිරීමේදී හා මලපහ කිරීමේදි වේදනාවක් ඇතිවීම, මලපහ මුත්‍ර සමග රුධිරය පිටවීම

මෙම රෝග ලක්ෂණ තියෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයට තිබෙන ප්‍රතිකාර ක්‍රම

එන්ඩොමෙට්‍රියෝසිස් රෝගයට විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා

  • වේදනා නාශක ලබාදීම
  • වේදනාව සහ රුධිර වහනය අඩු කිරීමට උපත් පාලන පෙති හෝ ප්‍රජෙස්ටරෝන් වැනි හෝමෝන ප්‍රතිකාර ලබාදීම
  • එන්ඩොමෙට්‍රියෝසිස් පටක ඉවත් කිරීමට සිදුවී ඇති හානි සැකසීමට හා ඔබට දරුවන් ලැබීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට ශල්‍යකර්මයක් සිදු කිරීම
  • පවුල සම්පූර්ණ කර ඇති කාන්තාවකගේ නම් ගර්භාෂය හා ඩිමකෝෂ ඉවත් කිරීමේ සැත්කම

ඔබේ රෝග තත්ත්වයේ බරපතල බව අනුව වෛද්‍යවරයා විසින් සුදුසු ප්‍රතිකාර ක්‍රමය නිර්දේශ කරනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu