බබාලට නිතර හැදෙන පාචනය


විජලනය, එහෙමත් නැත්නම් dehydration නිසා, බබාලා මියයන්න පවා හේතුවක් තමයි, පුංචි බබාලට දරුණු විදියට වමනය සහ බඩ බුරුලට යාම සිදුවීම. අද අපි කතා කරමු බබාලට වමනය සහ බඩ බුරුලට යාම වෙන්න හේතු වෙන gastroenteritis කියන රෝගය ගැන. Gastroenteritis වල රෝග ලක්ෂණ මොනවාද? මේ ලෙඩේට ප්‍රධානම හේතුව ආහාර මාර්ගයේ සිදුවන වෛරස ආසාදන වුණත්, බැක්ටීරියා නිසාත් මේ […]

විජලනය, එහෙමත් නැත්නම් dehydration නිසා, බබාලා මියයන්න පවා හේතුවක් තමයි, පුංචි බබාලට දරුණු විදියට වමනය සහ බඩ බුරුලට යාම සිදුවීම.

අද අපි කතා කරමු බබාලට වමනය සහ බඩ බුරුලට යාම වෙන්න හේතු වෙන gastroenteritis කියන රෝගය ගැන.

Gastroenteritis වල රෝග ලක්ෂණ මොනවාද?

මේ ලෙඩේට ප්‍රධානම හේතුව ආහාර මාර්ගයේ සිදුවන වෛරස ආසාදන වුණත්, බැක්ටීරියා නිසාත් මේ ලෙඩේ හැදෙන්න පුළුවන්.

මේ නිසා ,

  • බබාට දවසට කීප වතාවක් වමනය සහ බඩ බුරුලට යාම
  • දරුවා කිරි බොන හෝ ආහාර ගන්න ප්‍රමාණය අඩුවීම
  • බබාගේ active ගතිය අඩුවීම
  • දිගටම බඩ රිදීමක් තිබීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

මේ රෝග ලක්ෂණ දිගටම තියෙනවා නම්, බබාව වෛද්‍යවරයෙක් ළඟට අරගෙන යන්න ඕනි.

සාමාන්‍යයෙන් වමනය සහ පාචන තත්ත්වයට ප්‍රතිකාර විදිහට ඇන්ටිබයොටික් හෝ වෙනත් බෙහෙත් අවශ්‍ය වෙන්නේ නැහැ.

වමනය සහ පාචනය නිසා බබාගේ ඇඟෙන් වතුර සහ ලවණ විශාල ප්‍රමාණයක් ඉවත් වෙලා, බබාව dehydrate වෙනවා.

වැදගත්ම දේ දරුවා විජලනය වෙන එක වළක්වා ගන්න එකයි.

ඔබ වෛද්‍යවරයා හමුවෙන වෙලාවෙදි දරුවා කොයිතරම් විජලනය වෙලාද කියන එක මත, දරුවා රෝහලට admit කළ යුතුද නැතිද කියන එක තීරණය වෙනවා.

ඉතින් බබා ගොඩක් විජලනය වෙනකන් බලන් ඉන්නෙ නැතුව වෛද්‍ය ප්‍රතිකාර ගත යුතුයි.

දරුවා විජලනය වෙලාද කියල දැනගන්නේ කොහොමද ?

  • දරුවා සිහිමද ගතියකින් ඉන්නවා නම්,
  • තොල් වේලිලා නම්, ඇස් යටට ගිලිලා නම්,
  • බබා urine pass කරන්නේ නැත්නම්,
  • බබාගේ හම සුදු මැළි වෙලා නම්, හම වේලිලා නම්,
  • බබා හුස්ම ගන්න වේගය වැඩියි නම්,

මේ ලක්ෂණ තියෙනවානම් පුළුවන් ඉක්මනින් දරුවා රෝහලකට ගෙන යාමෙන් දරුවාගේ ජීවිතය බේරගන්න පුළුවන්.

වමනය සහ පාචනය සිදුවන බබෙක්ව විජලනය වීම වළක්වා ගන්න නම්,

  • මව් කිරි බොන බබෙක් නම් දරුවාට දිගටම මව් කිරි දෙන්න
  • එහෙම නෙවෙයි නම්, බබාට දියර වර්ග නිතර නිතර කුඩා ප්‍රමාණ වලින් බොන්න උනන්දු කරවන්න
  • බබාට වෙනදට දෙනවට වඩා දියර වර්ග දෙන්න
  • බත් කැඳ වැනි දියර වර්ග දෙන්න
  • බබාට අවශ්‍ය තරම් දියර දෙන්න ( සෑම පාචන අවස්ථාවකින් පසුව 50ml )
  • විජලනය වීමේ රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වෙන්න

බබා dehydrate වීමේ වැඩි අවධානමක ඉන්නවා නම් දියර ලෙස ජීවනී ලබාදීමෙන් බබා dehydrate වීමේ අවදානම අඩු වෙනවා.

  • බබාට පලතුරු යුෂවත් කාබනේටඩ් බීම වර්ගවත් දෙන්න එපා.
  • වමනය නොකරන, දියර ජාති බොන්න පුළුවන් වෙලාවට, ආහාර පොඩි ප්‍රමාණවලින් ( කෙසෙල් පොඩි කෑල්ලක් වගේ ), දරුවාට කවන්න උත්සාහ කරන්න.

විජලනය වීමේ අවදානම අඩුවුණාට පස්සේ,

  • කිරි බොන බබෙක් නම් සාමාන්‍ය විදිහට කිරි දෙන්න
  • අනෙක් බබාලට සාමාන්‍ය ඝන කෑම දෙන්න පටන් ගන්න

අනෙක් අයට වමනය සහ පාචනය බෝවෙන එක වළක්වා ගන්න නම්,

  • බබා සහ අම්මා තාත්තා කීප දවසක් යනකන් නිතර අත සබන් යොදා සෝදන්න ඕනි. විශේෂයෙන් ටොයිලට් යද්දි, නැපි මාරු කරද්දී, කෑම හදන්න පෙර සහ කෑම කන්න පෙර සබන් යොදා අත සේදිය යුතුයි.
  • බබා පාවිච්චි කරන තුවා වෙන අයගේ භාවිතයට ගන්න එපා.
  • බබා මල පහ කරපු ඇඳුම් සහ බෙඩ්ෂීට්, අනෙක් ඇඳුම් වලින් වෙනමම උණු වතුරෙන් හෝදන්න ඕනි.
  • ඒ වගේම අන්තිම වමනේ යාම හෝ බඩ බුරුලට යාම සිදුවෙලා දවස් දෙකක්වත් යනකම්, බබාව පාසලට හෝ nursery එකට යවන්න එපා.

සාමාන්‍යයෙන් පොඩි බබාලට, වමනේ යාම දවස් තුනකින් විතරත්, බඩ බුරුලට යාම දවස් පහකින් විතරත්, සනීප වෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu