ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමට නම් ?
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන මගින්, HPV වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා, HPV එන්නත හඳුන්වා දී තිබෙනවා.
මෙම HPV එන්නත, පාසල් ප්‍රතිශක්තීකරණ වැඩ සටහනේදී, 6 ශ්‍රේණියේ ගැහැණු දරුවන්ට, මාත්‍රා දෙකකින් ලබා දෙනු ලබනවා. පළමු මාත්‍රාව ලබා ගෙන මාස හයකට පසුව ඊළඟ මාත්‍රාව ලබා ගත යුතු වෙනවා.
මීට අමතරව ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් හෝ, පෞද්ගලික වෛද්‍ය සේවා මගිනුත් මෙම එන්නත ලබා ගැනීමට පුළුවන්.
HPV එන්නත 6 ශ්‍රේණියේදී ලබා දෙන්නේ ඇයි ?
ලිංගික ජීවිතය ඇරඹීමට පෙර HPV එන්නත ලබාගත යුතු වෙනවා. එයට හේතුව, එන්නත මගින් පූර්ණ ආරක්ෂාව ලැබීමට නම්, HPV වෛරසය ඇඟට ඇතුළු වී, පිළිකාකාරක වෙනස්කම් ඇතිකිරීමට පෙර, එන්නත ලබාගත යුතු වීමයි.
ඉතින්, එන්නත ලබාදෙන්නේ 6 ශ්‍රේණියේ දී වුණත්, මේ එන්නතෙන් ලැබෙන ආරක්ෂාව, ගැහැනු දරුවෙකුගේ ඉදිරි ජීවිත කාලයටම වැදගත් වෙනවා.
මෙම එන්නත ලබා ගත යුතුමද ?
ගැබ්ගෙල පිළිකාව කියන්නේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර බහුලතම පිළිකා වර්ග වලින් එකක්.
මෙය වළක්වා ගැනීමට ඇති පහසුම ක්‍රමය වන, HPV එන්නත ඔබේ දියණියට ලබා දී, ඇයව ගැබ්ගෙල පිළිකාවෙන් ආරක්ෂා කර ගැනීම, දෙමව්පියන් විදිහට ඔබට මග නොහැරිය හැකි වගකීමක්.

