දිවට රස ලුණු හදවතට හොඳ නැත්තේ ඇයි?


හදවත් රෝග තියෙන අයට, ලුණු කෑම අඩු කරන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දෙන බව ඔබ අහලා ඇති. මොකක්ද මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම ? හදවත තමයි අපේ ශරීරයේ රුධිර පොම්පය විදියට ක්‍රියා කරලා, ඇඟ පුරා රුධිරය බෙදා හරින්නේ. යම් හේතුවක් නිසා ඇඟේ මුළු රුධිර ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත්, වරකට විශාල රුධිර පරිමාවක් පොම්ප කරන්න වෙනවා. හෘද රෝග […]

හදවත් රෝග තියෙන අයට, ලුණු කෑම අඩු කරන්න කියලා වෛද්‍යවරුන් උපදෙස් දෙන බව ඔබ අහලා ඇති.

මොකක්ද මේකේ වෛද්‍ය විද්‍යාත්මක පදනම ?

හදවත තමයි අපේ ශරීරයේ රුධිර පොම්පය විදියට ක්‍රියා කරලා, ඇඟ පුරා රුධිරය බෙදා හරින්නේ.

යම් හේතුවක් නිසා ඇඟේ මුළු රුධිර ප්‍රමාණය ගොඩක් වැඩි වුණොත්, වරකට විශාල රුධිර පරිමාවක් පොම්ප කරන්න වෙනවා.

හෘද රෝග තියෙන කෙනෙකුගේ හදවතට, මේ අමතර පොම්ප කිරීමේ වැඩ ප්‍රමාණය දරන්න අමාරුයි. 

අධි රුධිර පීඩනය / ප්‍රෙෂර් (Hypertension ) තියෙන කෙනෙකුගේ හදවත කොහොමත් රුධිරය පොම්ප කරන්නේ පීඩනයකට එරෙහිව. රුධිර පරිමාව වැඩි වුණොත් පීඩනය වැඩි වෙලා හදවතට රුධිරය පොම්ප කර ගන්න බැරි වෙනවා.

හෘදයාබාධ (myocardial infarction) හැදුනු කෙනෙකුගේ හෝ, හදවත අකර්මන්‍ය වීමක් ( heart failure ) තියෙන කෙනෙකුගේ හදවත, මේ තත්ත්වයේදී ගොඩක් මහන්සි කරවීම නිසා තියෙන රෝග තත්ත්වය වැඩි වෙන්න පුළුවන්. 

ඉතින් මුළු රුධිර පරිමාව වැඩි වෙන එක හදවතට හොඳ නැහැ. මේකට ලුණු සම්බන්ධ වුණේ කොහොමද ? 

අපේ ඇඟෙන් 60% ක් හැදිලා තියෙන්නේ වතුර වලින්. නමුත් එයින් 5% ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි රුධිරයේ තියෙන්නේ. විශාල වතුර ප්‍රමාණයක් තියෙන්නේ අපේ ඇඟේ තියෙන සෛල ඇතුලේ.
ලුණු එහෙමත් නැත්නම් NaCl ලවණයට පුළුවන්, අපේ සෛල ඇතුලේ තියෙන ජලය, රුධිරවාහිනී ඇතුලට ඇදලා ගන්න. මේකෙ ප්‍රතිඵලයක් විදිහට හෘද රෝග තත්ත්ව දරුණු වෙන්න පුළුවන්.

මේ නිසා, ඔබ ලුණු රසට කොයිතරම් කැමති කෙනෙක් වුණත්, හදවත නිරෝගීව තියාගන්න නම් කෑමට ගන්නා ලුණු ප්‍රමාණය සීමා කරන්න වෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu