පුංචි බබාලගේ හුස්ම හිර කරවන මාරයෙක් ගැන කතා කරමු ද ? ඇදුම ( Asthma ) කියන්නේ දරුවන්ට හැදෙන, පෙනහළු මාර්ගයේ ( ශ්වසන පද්ධතියේ ) ලෙඩක්.
ඇදුම හැදෙන්නෙ කොහොමද?
මේ ලෙඩේදී විවිධ හේතු හින්දා, බබා හුස්ම ගන්න වාතය පෙනහළු වලට අරගෙන යන ශ්වසන මාර්ගය හීනි වෙනවා. මෙහෙම වුණාම බබාට හතිය ගතියක් (wheezing) ඇති වෙනවා. හුස්ම ගනිද්දි whistle එකක වගේ සද්දයක් ඇහෙනවා. හුස්ම ගන්න අමාරු ගතියත් එක්ක, කැස්ස, පපුව හිර වෙන ගතියක් ඇති වෙනවා.
මේ රෝග ලක්ෂණ රෑට සහ පාන්දර වෙලාවට වැඩි වෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුව නිසා බබාගේ නින්දට බාධා ඇති වෙන්න පුළුවන්.
මේ රෝගය නිසා බබාට පාසල් යාම මඟ ඇරෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රීඩා වලට බාධා ඇතිවෙන්න පුළුවන්.
පවුලේ කෙනෙක්ට ඇඳුම තියෙනවා නම්, බබාටත් ඇදුම රෝගය වැළඳීමේ අවදානමක් තියෙනවා.
ඊට අමතරව පෙනහළු මාර්ගයේ වෛරස් රෝග, සිගරට් දුම, allergies ඇති කරන ද්‍රව්‍ය, සීතල, ව්‍යායාම වගේ දේවල් නිසාත්, ඇදුම රෝගය ඇතිවෙන්න පුළුවන්.
බබාලාව මේ දේවල් වලට නිරාවරණය වෙන එක නවත්වා ගැනීම, ඇදුම රෝගය වළක්වා ගන්න වැදගත්.

ඇදුම රෝගයට තිබෙන ප්‍රතිකාර ක්‍රම
ඇදුම රෝගය තියෙන බබෙක්ට ප්‍රධාන ප්‍රතිකාර ක්‍රමය විදියට දෙන්නේ ඉන්හේලර්ස්. මේ ඉන්හේලර්ස් හරිම technique එකට, වෛද්‍යවරයා නියම කරන කාලසීමාව ඉවර වෙනකන් බබාට ඉන්හේලර් එක දෙන්න ඕනි.
බබාට ඇදුම රෝගයට රෝහලෙන් ඉන්හේලර් දුන්නට පස්සේ, බබාගේ රෝග ලක්ෂණ අඩුවුණ ගමන් ඉන්හේලර් දෙන එක නතර කිරීම ලංකාවේ ගොඩක් අම්මලා කරන වැරැද්දක්. මෙහෙම කළොත් ඇදුම රෝගය හරියට පාලනය නොවීම නිසා බබා ආයෙත් අසනීප වෙන්න පුළුවන්.
හරියටම ඉන්හේලර් පාවිච්චි කරන්නෙ කොහොමද?
බබාලට දෙන ඉන්හේලර් ගැන කතා කළොත්, සාමාන්‍යයෙන් ඇදුම තියෙන බබාලට ඉන්හේලර් වර්ග දෙකක් දෙනවා. එක් වර්ගයක් තමයි ඇදුම රෝගය උත්සන්න වීම වළක්වලා රෝගය පාලනය කරන්න දිනපතා පාවිච්චිට දෙන ඉන්හේලර් වර්ගය.
අනෙක් ඉන්හේලර් වර්ගය තමයි, රෝග ලක්ෂණ වැඩිවුණු වෙලාවට, ඒ ගැන බබාට හතිය ඇවිත් හුස්ම ගන්න අමාරු වුණ වෙලාවට පාවිච්චියට ගන්න දෙන ඉන්හේලර් එක.
මේ ඉන්හේලර් දෙක මාරු කරගන්නේ නැතුව, වෛද්‍යවරයා නියම කරන විදිහට හරි විදිහට භාවිතා කරන්න ඕනි.ක්‍රමය විදියට දෙන්නේ ඉන්හේලර්ස්. මේ ඉන්හේලර්ස් හරිම technique එකට, වෛද්‍යවරයා නියම කරන කාලසීමාව ඉවර වෙනකන් බබාට ඉන්හේලර් එක දෙන්න ඕනි.
බබාට ඇදුම රෝගයට රෝහලෙන් ඉන්හේලර් දුන්නට පස්සේ, බබාගේ රෝග ලක්ෂණ අඩුවුණ ගමන් ඉන්හේලර් දෙන එක නතර කිරීම ලංකාවේ ගොඩක් අම්මලා කරන වැරැද්දක්. මෙහෙම කළොත් ඇදුම රෝගය හරියට පාලනය නොවීම නිසා බබා ආයෙත් අසනීප වෙන්න පුළුවන්.
බබාලට දෙන ඉන්හේලර් ගැන කතා කළොත්, සාමාන්‍යයෙන් ඇදුම තියෙන බබාලට ඉන්හේලර් වර්ග දෙකක් දෙනවා. එක් වර්ගයක් තමයි ඇදුම රෝගය උත්සන්න වීම වළක්වලා රෝගය පාලනය කරන්න දිනපතා පාවිච්චිට දෙන ඉන්හේලර් වර්ගය.
අනෙක් ඉන්හේලර් වර්ගය තමයි, රෝග ලක්ෂණ වැඩිවුණු වෙලාවට, ඒ ගැන බබාට හතිය ඇවිත් හුස්ම ගන්න අමාරු වුණ වෙලාවට පාවිච්චියට ගන්න දෙන ඉන්හේලර් එක.
මේ ඉන්හේලර් දෙක මාරු කරගන්නේ නැතුව, වෛද්‍යවරයා නියම කරන විදිහට හරි විදිහට භාවිතා කරන්න ඕනි.