ගැස්ට්‍රයිටිස් හැදෙන්න විවිධ හේතු තියෙනවා. මේ හේතු වළක්වා ගත්තොත් ඔයාට ගැස්ට්‍රයිටිස් වලින් බේරෙන්න පුළුවන්.
1. සිගරට් සහ මත්පැන්
සිගරට් සහ මත්පැන් කියන්නේ ගැස්ට්‍රයිටිස් වලට බලපාන ප්‍රධාන හේතු දෙකක්. ගැස්ට්‍රයිටිස් වල සංකූලතාවයක් වෙන ආමාශයේ තුවාල (peptic ulcers) ඇතිවෙන්නත්, විශේෂයෙන් සිගරට්, ඒවගේම ඇල්කොහොල් හේතු වෙනවා. ඉතින් සිගරට් සහ මත්පැන් භාවිතය නවත්වන එක, ගැස්ට්‍රයිටිස් වළක්වා ගන්න ඉතාම වැදගත්.
2. NSAIDs කාණ්ඩයේ වේදනානාශක ඖෂධ
ඇස්ප්‍රින්, Brufen වගේ NSAIDs කාණ්ඩයේ වේදනානාශක ඖෂධ භාවිතා කරද්දී, ඔයාගේ ආමාශ බිත්තියට ඇසිඩ් සහ එන්සයිම් වලින් හානි සිදු වෙනවා. ඒ නිසා NSAIDs ඖෂධ හිතුමනාපෙට භාවිතා කරන්න එපා. වේදනානාශක ඖෂධ අවශ්‍ය වෙලාවට paracetamol පාවිච්චි කරන්න.
3. Stress/මානසික පීඩනය
Stress එක එහෙම නැත මානසික පීඩනයක් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න හේතුවක්. Exam එකක් ළං වුණාම, Job එකේ හරි පවුලේ ප්‍රශ්නයක් හරි වුණාම, ගැස්ට්‍රයිටිස් වැඩි වෙනවා දකින්න පුළුවන්.
ඉතින් stress එක පාලනය කරගන්න හොඳින් නිදාගැනීම, විනෝදාංශයක් කරන එක, සංගීතය රස විඳීම වගේ දේවලුත්, ගැස්ට්‍රයිටිස් පාලනය කරන උදව් වෙනවා.
4. ආහාර රටාව
ඒවගේම නිවැරදි පිළිවෙලකට හරි වෙලාවට කෑම ගන්න පුරුදු වෙන්න.
කුඩා ප්‍රමාණ වලින් ආහාර වේල් වැඩි ගණනක් දවස පුරා ගැනීම ගැස්ට්‍රයිටිස් පාලනයට උදව්වක්.
කෑම වේලකින් පසුව පැය 3ක් විතර යනකන් වැතිරිලා හෝ නිදාගෙන ඉන්න එපා.
ඇසිඩ් ගතිය හෝ ඇඹුල් ගතිය වැඩි කෑම, අධික තෙල් හෝ පිටි තියෙන කෑම, මිරිස් තුන පහ වැඩිපුර දාපු කෑම කන එක අඩු කරන්න.
කාබනේටඩ් බීම බොන එක අඩු කරලා හොඳින් වතුර බොන්න.
පෝෂ්‍යදායි කෑම වේල් හරි වෙලාවට ගන්න එක, ගැස්ට්‍රයිටිස් පාලනය කරන්න ඉතාම වැදගත්.
ගැස්ට්‍රයිටිස් හැදුණම රෝහලින් දෙන බෙහෙත්, රෝග ලක්ෂණ අඩුවුණු ගමන් නවත්වන්න එපා. එහෙම වුනොත් ආයෙත් ගැස්ට්‍රයිටිස් ඇතිවෙන්න ලොකු chance එකක් තියෙනවා. වෛද්‍යවරයා නියම කරන දවස් ගණන සම්පූර්ණ වෙනකන් බෙහෙත් අරගන්න.
නිදන්ගත, ඒ කියන්නේ දිග කාලයක් තියෙන ගැස්ට්‍රයිටිස් වලට හේතුව වෙන Helicobactor pylori බැක්ටීරියාව ඊළග ලිපියෙන් අපි දැනුවත් වෙමු.
