Cu IUD ලූපය හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස


හදිසි උපත් පාලන ක්‍රමයක් විදිහට, postinor පෙත්තට වඩා, Cu IUD ලූපය හොඳයි කියලා ඔයා දන්නවාද ? කොපර් ලූපය හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් බවවත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එකතු වීමකට පස්සේ, අනවශ්‍ය දරෝපතක් ඇතිවෙන එක වළක්වන්න, ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් දෙනෙක්ගේ එකම විසඳුම තමයි postinor පෙත්ත. ගොඩක් දෙනෙක් දීර්ඝ කාලීන […]

හදිසි උපත් පාලන ක්‍රමයක් විදිහට, postinor පෙත්තට වඩා, Cu IUD ලූපය හොඳයි කියලා ඔයා දන්නවාද ?

කොපර් ලූපය හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් බවවත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ.

අනාරක්ෂිත ලිංගික එකතු වීමකට පස්සේ, අනවශ්‍ය දරෝපතක් ඇතිවෙන එක වළක්වන්න, ලංකාවේ තරුණ තරුණියෝ ගොඩක් දෙනෙක්ගේ එකම විසඳුම තමයි postinor පෙත්ත.

ගොඩක් දෙනෙක් දීර්ඝ කාලීන උපත් පාලන ක්‍රමයකට යොමු වෙන්නෙත් නැතුව, හැම අනාරක්ෂිත ලිංගික එකතුවීමකටම පස්සේ, පොස්ටිනව පෙත්තක් ගන්න පුරුදුවෙලා ඉන්නවා. මේක ඉතාම වැරදි practice එකක්.

හේතුව postinor වලින් වැළකෙන්නේ අනවශ්‍ය දරු උපත්වලින් තුනෙන් දෙකක් පමණයි. මේ නිසා දිගුකාලීන උපත් පාලන ක්‍රමයක් වෙනුවට දිගටම පොස්ටි නොගත්තොත් යම් වෙලාවක දරුවෙකු පිළිසිඳ ගැනීමට ඇති හැකියාව ඉහළයි.

අනෙක් අතට කොපර් ලූපය මඟින්, අනාරක්ෂිත ලිංගික එක්වීමකට පසුව සිදුවන අනවශ්‍ය දරු උපත්වලින් 99%ක් වැළැක්වෙනවා.

ඒ වගේම පොස්ටිනෝ වැඩ කරන්නේ අනාරක්ෂිත ලිංගික එක්වීමක් වෙලා දවස් තුනක් යනකන් පමණක් උනත්, කොපර් ලූපය අනාරක්ෂිත ලිංගික එක්වීමකින් දවස පහක කාලයක් යනකන් , හදිසි උපත් පාලන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්.

ඒ වගේම හදිසි උපත් පාලන ක්‍රමයක් විදිහට පාවිච්චි කරන්න තැන්පත් කරපු IUD ලූපය කැමති නම් ඉවත් කරන්නත්, එහෙම නැත්නම් ලූපය දිගටම තබාගෙන සාර්ථක දිගුකාලීන ක්‍රමයක් විදියට පාවිච්චි කරන්නත් ඔබට හැකියාව තියෙනවා.

නිතර අනාරක්ෂිත ලිංගික හැසිරීම් වලින් පස්සේ පොස්ටිනෝ ගන්නවට වඩා, දිගුකාලීන උපත් පාලන ක්‍රමයක් විදිහට කොපර් ලූපය භාවිතා කිරීම ඉතා සුදුසුයි.

ඔබට නැවත දරුවෙකු හදන්න අවශ්‍ය නම්, කොපර් ලූපය ඉවත් කළ වහාම සරුභාවය ඇතිවෙනවා. නැවත දරුවෙකු ලැබීමට ඇති හැකියාවට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu