IUD ලූපය - උපත් පාලන ක්‍රමය ගැන දැනගනිමු


කාන්තාවන්ගේ ගර්භාෂයේ තැන්පත් කරන, මේ T හැඩැති පුංචි උපකරණයෙන්, උපත් පාලනය කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ? කොපර් IUD ලූපය කියන්නෙ මොකක්ද? කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. කොපර් ලූප් එකේ හෝමෝන […]

කාන්තාවන්ගේ ගර්භාෂයේ තැන්පත් කරන, මේ T හැඩැති පුංචි උපකරණයෙන්, උපත් පාලනය කරන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ?

කොපර් IUD ලූපය කියන්නෙ මොකක්ද?

කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්.

කොපර් ලූප් එකේ හෝමෝන අඩංගු නැති නිසා බර වැඩිවීමක් මහත්වීමක් සිදුවෙන්නේ නෑ. ලෝපය හදල තියෙන්නේ T හැඩයේ ප්ලාස්ටික් කැබැල්ලක් වටේට තුනී තඹ කම්බි එතීමෙනුයි.

මේ ක්‍රමයේදී ඔයාට පේන මේ T හැඩැති කොටස, වෛද්‍යවරයෙක් විසින් මේ plunger කියන කූර භාවිතා කරලා, යෝනි මාර්ගය දිගේ ගැබ් ගෙල හරහා ගර්භාෂයට ඇතුළු කරනවා. T කොටස ගර්භාෂය තුළ තැන්පත් උනාට පස්සේ, plunger උපකරණය ඉවතට ගන්නවා. මෙහෙම ලූපය තැන්පත් කරන්න සිහිනැති කිරීමක් හෝ හිරිවැට්ට වීමක් කරන්නේ නැහැ. මේක විනාඩි පහක් පමණ ගතවෙන බොහොම සරල වැඩක්.

ලූප් එක හරි විදියට ගර්භාෂය තැන්පත් වුණාම ලූපයේ තියෙන නූල, ගැබ් ගෙලේ සිදුරෙන් එළියට ඇවිල්ලා, යෝනි මාර්ගය ඉහළ කොටසේ රැඳිලා තියෙනවා. මේක සාමාන්‍ය දෙයක්. ඒක එහෙම තියෙන්නේ ලූපය ඉවත් කිරීම පහසු වෙන්නයි.

ඔබ ස්ථිර උපත් පාලන ක්‍රමයකට අකමැතියි නම්, එහෙම නැත්නම් කාර්යබහුලකම නිසා දිනපතා උපත් පාලන පෙති ගැනීම කරදරයි නම්, කොපර් IUD ලූපය කියන්නේ, ඔබට ගැළපෙනම උපත් පාලන ක්‍රමයක්.

ඔබ ගර්භණී නොවන බව තහවුරු නම්, ඔසප් චක්‍රයේ ඕනෑම දවසක ලූපය තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම දරු උපතින්, පැය 48ක් ඇතුළත හෝ, සති 6කට පස්සේ ලූපය තැන්පත් කරන්න පුළුවන්. දරුවාට කිරි දෙන මව්වරුන්ට ලූපය නිසා කිරි දීමට කිසිම බලපෑමක් එල්ල වෙන්නේ නැහැ.

Cu ලූපය තැන්පත් කළ ගමන්, උපත් පාලන හැකියාව පටන් ගැනෙනවා. මේ නිසා ලූපය තැන්පත් කළාට පස්සේ වෙනත් උපත් පාලන ක්‍රම අවශ්‍ය වෙන්නේ නැහැ.

Cu ලූපය නිසා ලිංගිකව එකතු වීමට කිසිම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. අනවශ්‍ය දරූපතක් සිදු නොවෙන බව දන්නා නිසා, ලිංගික සතුට වැඩි වෙන්නත් මේක හේතු වෙන්න පුළුවන්.

කොපර් IUD ලූපය දැම්මොත්, ඔයාට නැවත දරුවන් හදන්න තියෙන හැකියාව නැති වෙනවාද ?

කොපර් IUD ලූපය කියලා හඳුන්වන මේ උපකරණය, දැනට තියෙන සාර්ථකම සහ ආරක්ෂිතම උපත් පාලන ක්‍රමයක්. මේ ක්‍රමයෙන් අවුරුදු 10ක් යනකන්, අනවශ්‍ය දරු උපත් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්

කොපර් ලූපය ගර්භාෂය තුළ තැන්පත් කළාට පස්සේ උපත් පාලනය සිදු වෙන්නේ,

ශුක්‍රාණු සහ ඩිම්බවල රසායනික වෙනස්කම් ඇති කරලා, සංසේචනය නැවැත්වීමෙන් සහ,

ගර්භාෂයේ ඇතුළු බිත්ති වල වෙනස්කම් කරලා කළලය තැන්පත් වීම වැළැක්වීමෙනුයි. එහෙම නැතුව ලූප් එකෙන් abortion ඇතිවෙන්නෙ නෑ.

ගර්භාෂය තුළ කොපර් ලූපය තියෙන තාක් මේ ක්‍රමවලින් ඉතා සාර්ථකව අනවශ්‍ය දරු උපත් පාලනය කෙරෙනවා.

නමුත් මේ කිසි දෙයකින් ඔබට දරුවකු ලබන්න දෙන හැකියාවට කිසිම ස්ථිර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

Cu ලූපය තැන්පත් කරපු කාන්තාවකට, නැවත දරුවකු හදන්න ආසාවක් ඇති වුණොත්, ඕනෑම වෙලාවක වෛද්‍ය සායනයකට ගිහින් ලූප් එක ඉවත් කරගන්න පුළුවන්. එය ඉවත් කළාට පස්සේ දරුවෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්. Cu ලූපයේ තියෙන විශේෂම වාසියක් තමයි මේ විදිහට ඉවත් කරපු ගමන් සරු භාවය ඇතිවීම.

Cu රූපය තැන්පත් කළ කාන්තාවකට ලූපය හා සම්බන්ධ නූල දැනෙන්නේ නැතිනම් කරන්න ඕනේ මොකක්ද කියලා, අපේ ඊළඟ ලිපියෙන් දැනගන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu