අව්වේ ඉඳලා සිහි නැති වුණු කෙනෙක්ගේ ජීවිතය බේරගන්න නම් ඔයා මේ දේවල් දැනගෙනම ඉන්න ඕනි !
සමහර දවස්වලට තියෙන තද රස්නය නිසා, ගොඩක් වෙලා අව්වේ ඉන්න අය, විශේෂයෙන් පාසල් දරුවන්ට Heatstroke කියන බරපතල අසනීපය හැදෙන්න පුළුවන් !
අව්වෙ ඉන්න වෙලාවක ඔයා ළඟ ඉන්න කෙනෙක්ට,
- ️ ඔලුව රිදීම, කරකැවිල්ල, කලන්තෙ ගතිය දැනෙනවා නම්,
- ️ පුදුම විදිහට වතුර තිබහ එනවා, දාඩිය දානවා නම්,
- වමනෙට වගේ එනවා, muscle cramp වෙනවා වගේ දේවල් කිව්වොත්, ඒ ගැන ගොඩක් සැළකිලිමත් වෙන්න !
මෙහෙම කෙනෙක් රස්නය නිසා කලන්තෙ දාන්න හෝ සිහි නැති වෙන්න විශාල අවදානමක් තියෙනවා !
- ඒ කෙනාව හෙවණ තැනකට එක්ක ගිහින්,
- වතුර බොන්න දීලා,
- අනවශ්‍ය ඇඳුම් ඉවත් කරලා
- තෙත මාත්තු කරලා හෝ පවන් ගහලා, ඒ කෙනාගේ ඇඟේ රස්නය අඩු කරන්න ඕනි !
එයාගේ ළඟින්ම ඉඳගෙන විවේක ගන්න සළස්වලා, අවශ්‍ය නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඕනි !
මේ වගේ උපකාරයක් නොලැබුණු කෙනෙක් දිගටම අව්වේ හිටියොත් ?
මීට වඩා දරුණු තත්ත්වයක් වෙන, Heatstroke හැදෙන්න පුළුවන් !
මෙහෙම කෙනෙක්ට,
- ගොත ගැසීම,
- ඇඟ වෙව්ලීම සහ වලිප්පුව,
- වමනය යාම
- සිහි නැතිවීම පවා සිදුවෙන්න පුළුවන්
මේක ඉතාම අවදානම් තත්ත්වයක් නිසා රෝගියාව හැකි ඉක්මනින් රෝහලකට රැගෙන යන්න, ගිලන් රථයකට ඇමතිය යුතුයි !
ගිලන් රථය එනකන්,
- රෝගියාව හෙවණ තැනකට ගෙනිහින්,
- අනවශ්‍ය ඇඳුම් ඉවත් කරලා, ඇඟේ රස්නය හැකි ඉක්මනින් අඩු කරන්න ඕනි !
- බාත්ටබ් එකක් හෝ බේසමක් තියෙන තැනක නම්,
- රෝගියාගේ ඇඟ වතුරේ ගිල්වන්න ඕනි.
- තෙත රෙදි කෑල්ලකින් හෝ අයිස් පැක් මඟින්,
- රෝගියාගේ ඇඟ තෙත මාත්තු කරන්න ඕනි
- රෝගියාව ෆෑන් එකක් ළඟට එක්කගෙන යන්න ඕනි.
රෝගියා සිහි මද ගතියෙන් පෙළිය හැකි නිසා රෝගියාට වතුර බොන්න දෙන්න එපා !
මේ දේවල් කරලා රෝගියාව ඉක්මනට රෝහලකට රැගෙන යාමෙන්, රෝගියාගේ ජීවිතය බේරගන්න පුළුවන් !
