E-සිගරට් / වේප් (vape ) ගැන ඔබ දන්නවාද ? 


මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියෝ අතර ජනප්‍රිය වෙලා තියෙන, E-සිගරට් / වේප් (vape) ගැන ඔබ දන්නවාද ?  E-සිගරට් භාවිතා කළොත් ඔබට මොකද වෙන්නේ ?  E-සිගරට් භාවිතයේදී වෙන්නේ, vape juice ( E-liquid ) ලෙස හඳුන්වන ද්‍රවය, බැටරියක ශක්තියෙන් රත් කරලා, හැදෙන වාෂ්පය, භාවිතා කරන කෙනා ආශ්වාස කිරීමයි.  මේ E-liquid කියන ද්‍රවයේ, නිකොටින්, ග්ලිසරීන් සහ තවත් රසකාරක […]

මේ දවස්වල ලංකාවේ තරුණ තරුණියෝ අතර ජනප්‍රිය වෙලා තියෙන, E-සිගරට් / වේප් (vape) ගැන ඔබ දන්නවාද ? 

E-සිගරට් භාවිතා කළොත් ඔබට මොකද වෙන්නේ ? 

E-සිගරට් භාවිතයේදී වෙන්නේ, vape juice ( E-liquid ) ලෙස හඳුන්වන ද්‍රවය, බැටරියක ශක්තියෙන් රත් කරලා, හැදෙන වාෂ්පය, භාවිතා කරන කෙනා ආශ්වාස කිරීමයි. 

මේ E-liquid කියන ද්‍රවයේ, නිකොටින්, ග්ලිසරීන් සහ තවත් රසකාරක රසායන ද්‍රව්‍ය අඩංගු වෙනවා. නිකොටින් නොමැති E-liquid නිෂ්පාදනත් තිබෙනවා.

E-සිගරට් වල දුම්කොළ සහ තාර අඩංගු නොවුණත්, E-liquid එකේ තිබිය හැකි නිකොටීන්, ඇඟට හානිකර ද්‍රව්‍යයක්. 

  • නිකොටින් වලට ඇබ්බැහිවීමේ ප්‍රවණතාවක් තිබෙනවා. මේ නිසා කාලයක් E-සිගරට් භාවිතා කරන කෙනෙක්, සාමාන්‍ය දුම්වැටි භාවිතයට පෙළඹීමේ අවධානමක් තිබෙනවා.
  • ️E-සිගරට් වල වාෂ්පයේ තිබෙන අහිතකර රසායනික ද්‍රව්‍ය නිසා, ඇදුම වැනි පෙනහළු රෝග, ඒ වගේම හදවත් රෝග ඇතිවීමේ ප්‍රවණතාවයක් තිබෙනවා.
  • ️E- සිගරට් වලට යොදන, ආශ්වාස කිරීමට අහිතකර diacetyl වැනි රසකාරක රසායන ද්‍රව්‍ය නිසා, popcorn workers lung ලෙස හඳුන්වන, පෙනහළු රෝගය වැළඳීමේ අවදානමක් තිබෙනවා. මේ නිසා කැස්ස, හතිය, හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, E-සිගරට් වල දීර්ඝකාලීන අතුරු ආබාධ පිළිබඳව, පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. E-සිගරට් බහුලව භාවිතා වීමට පටන්ගෙන තවම වසර කීපයක් පමණක් නිසා, දීර්ඝ කාලීනව ඇතිවිය හැකි බරපතල ආබාධ තත්ත්ව මොනවද කියලා හරියටම කියන්න හැකියාවක් නැහැ.

මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වන්නේ, E-සිගරට් වල සෞඛ්‍යයට අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු වන නිසා,ඒවා භාවිතය ආරක්ෂාකාරී නොවන බවයි !

E-සිගරට් භාවිතා කරන ඔබේ මිතුරු මිතුරියන් සිටිනවා නම්, මේ ගැන ඔවුන් ව දැනුවත් කිරීම, ඔබේ වගකීමක් !

References :

https://www.who.int/.../questio.../item/tobacco-e-cigarettes?

https://youtu.be/G5RzMPCnWbc?si=4fUEWoZO5KGyAlLF

https://www.who.int/.../ques.../item/tobacco-e-cigarettes...

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu