ජලභීතිකාව ගැන හරියටම දැනගමු


ඔයාව බල්ලෙක් කෑවොත් කරන්න ඕනි මොනවාද ? හැදුණොත් මරණය නියත, ජලභීතිකාවෙන් බේරෙන්න නම් අපි කරන්න ඕනි දේවල් ගැන අපි දැන් බලමු. ජලභීතිකාව කියන්නේ, මේ වෙනකන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන නැති, හැදුණොත් අනිවාර්යයෙන්ම මිය යන මාරාන්තික ලෙඩක්. ඔයාව ජලභීතිකා රෝගී බල්ලෙක් හෝ පූසෙක් හපා කෑවොත් හෝ හීරුවොත්, ජලභීතිකා වෛරසය ඔයාගේ ඇඟට ඇතුළු වෙනවා. ඒ වගේම දඬුලේනුන්, උගුඩුවා, […]

ඔයාව බල්ලෙක් කෑවොත් කරන්න ඕනි මොනවාද ? හැදුණොත් මරණය නියත, ජලභීතිකාවෙන් බේරෙන්න නම් අපි කරන්න ඕනි දේවල් ගැන අපි දැන් බලමු.

ජලභීතිකාව කියන්නේ, මේ වෙනකන් සාර්ථක ප්‍රතිකාරයක් හොයාගෙන නැති, හැදුණොත් අනිවාර්යයෙන්ම මිය යන මාරාන්තික ලෙඩක්.

ඔයාව ජලභීතිකා රෝගී බල්ලෙක් හෝ පූසෙක් හපා කෑවොත් හෝ හීරුවොත්, ජලභීතිකා වෛරසය ඔයාගේ ඇඟට ඇතුළු වෙනවා. ඒ වගේම දඬුලේනුන්, උගුඩුවා, මුගටියා, ඌරු මීයා වගේ සතුන් සපා කෑවාමත් ඔයාට ජල භීතිකාව හැදෙන්න පුළුවන්.

ඒ වගේම ජලභීතිකාව තියෙන සතෙක්ගේ කෙළ, ඔයාගේ හමේ තියෙන තුවාලයක හරි, ඇස්වල වගේ සියුම් තැන්වල ගෑවුණොත්, එතකොටත් ජලභීතිකාව හැදෙන්න ඉඩක් තියෙනවා.

බල්ලෙක්, පූසෙක්, නැත්නම් වෙන සතෙක් හරි ඔයාව හැපුවොත් හරි, හීරුවොත් හරි, ඔයා කරන්න ඕනි මොනවාද ?

Step 1 - සතා හපා කාපු තැන තුවාලය සබන් දාලා විනාඩි 10ක් ගලායන වතුරෙන් සෝදන්න.

Step 2 - ඔයා ළඟ අයඩීන් වගේ විෂබීජ නාශකයක් තියෙනවා නම්, ඒකෙන් තුවාලය පිරිසිදු කරන්න.

Step 3 - ජලභීතිකා රෝගය වැළඳුනොත්, අනිවාර්යයෙන් මිය යනවා වුණත්, සතෙකුගේ සපා කෑමෙන් පසුව ඉක්මනින් ජල භීතිකාවට අදාල එන්නත් හරි විදියට ලබා ගැනීමෙන්, මේ රෝගය වැළඳීම වළක්වා ගෙන සම්පූර්ණ ආරක්ෂාව ලබාගන්න පුළුවන්.

මේ නිසා තුවාලය සෝදලා පිරිසුදු කළාට පස්සේ, ඉක්මනින් ළඟම තියෙන රජයේ රෝහලට ගිහින් වෛද්‍ය උපදෙස් ගන්න.

Step 4 - ඔයාව හපා කාපු සතාට ජලභීතිකා එන්නත් ලබාදීපු කාඩ් තියෙනවා නම්, ඒවාත් අරගෙන ගිහින් වෛද්‍යවරයාට පෙන්වන්න. මොකද සතාට ජලභීතිකා එන්නත ලබා දීලා තියෙන පිළිවෙල අනුව, ඔයාට එන්නත් ලබා දෙන්නේ කොයි විදියටද කියන එක තීරණය වෙනවා.

Step 5 - රෝහලෙන් ඔයාට මාත්‍රා කීපයක ජලභීතිකා එන්නත ගන්න නියම කළොත්, ඒ විදියට එන්නත් ගන්න ඕනි දවස් ලකුණු කරපු කාඩ් එකක් ඔයාට දෙනවා. මේ අදාළ දවස්වලට අනිවාර්යයෙන් රෝහලට ගිහින් ජල භීතිකා එන්නත් ලබාගන්න. ඔයාට පළවෙනි එන්නත දීපු රෝහලින්ම නැතුව, ජලභීතිකා එන්නත ලබාදෙන, ඔබට පහසු වෙනත් රෝහලකින් වුණත්, ඉතිරි ජලභීතිකා එන්නත් ලබාගන්න පුළුවන්.

Step 6 - ඒ වගේම ඔයාව හපාකාපු සතාව දවස් 14ක් නිරීක්ෂණය කරන්න කිව්වොත්, සතාව කූඩුවකට දාලා හරි, බැඳලා තියලා හරි, සතා ගැන අවධානයෙන් ඉන්න.

සතාගේ හැසිරීමේ වෙනසක්, අසනීප ගතියක් හෝ මරණය සිදුවුණොත්, ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අපි මේ කියපු කරුණු 6 පිළිපැද්දොත්, ඔයාට ජලභීතිකාවෙන් ජීවිතය බේරගන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu