මුත්‍රාගල් ඇතිවෙන එක වළක්වාගන්නේ කොහොමද ?


මේ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, දවසකට ලීටර් 3ක් වත් වතුර බොන එක. ඔයා විජලනය වෙලාද, තව වතුර බොන්න ඕනිද කියලා, ඔයාට ඔයාගේ මුත්‍රාවල පාටින් දැන ගන්න පුළුවන්. ඔයාගේ ළඟ වතුර බෝතලයක් තියාගෙන, තිබහ හැදෙනකන් ඉන්නේ නැතුව හොඳින් වතුර බොන්න. ව්‍යායාම කරන වෙලාවට, විදුලි පංකා හෝ වායුසමීකරණ ළඟ ඉන්නකොට, වැඩිපුර වතුර බොන්න අමතක […]

මේ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, දවසකට ලීටර් 3ක් වත් වතුර බොන එක. ඔයා විජලනය වෙලාද, තව වතුර බොන්න ඕනිද කියලා, ඔයාට ඔයාගේ මුත්‍රාවල පාටින් දැන ගන්න පුළුවන්.

ඔයාගේ ළඟ වතුර බෝතලයක් තියාගෙන, තිබහ හැදෙනකන් ඉන්නේ නැතුව හොඳින් වතුර බොන්න. ව්‍යායාම කරන වෙලාවට, විදුලි පංකා හෝ වායුසමීකරණ ළඟ ඉන්නකොට, වැඩිපුර වතුර බොන්න අමතක කරන්න එපා.

මීට අමතරව අපි කෑමට ගන්න දේවල් වලිනුත් මුත්‍රාගල් හැදෙන්න බලපෑමක් තියෙනවා.

ඔක්සලේට් කියන අම්ලය නිසා මුත්‍රාගල් හැදෙන්න පුළුවන්. අපි කෑමෙන් සාමාන්‍ය ප්‍රමාණයට කැල්සියම් අරගන්නවා නම්, කැල්සියම් සහ ඔක්සලේට් ආහාර මාර්ගයේදී එකට බැඳිලා, මළපහ සමඟ පිට වෙනවා. නමුත් කෑමෙන් ලැබෙන කැල්සියම් අඩු වුණොත්, ඔක්සලේට් වලට බැඳෙන්න දෙයක් නැති නිසා, වැඩිපුර තියෙන ඔක්සලේට් ආහාර මාර්ගයේ සිට රුධිරයට අවශෝෂණය වෙනවා. එතනින් මේ ඔක්සලේට් මුත්‍රා මාර්ගයට ගිහින් මුත්‍රාගල් හැදෙන්න පුළුවන්.

ආහාර මාර්ගයෙන් කැල්සියම් සහ ඔක්සලේට් ඉවත් කෙරෙන විදියට, සාමාන්‍ය කැල්සියම් ප්‍රමාණයක් කෑමෙන් ලබා ගන්න එක වැදගත්. කිරි, යොගට්, චීස් වගේ අමතර කිරි ආහාරයක් කෑමට එකතු කරගන්න එකෙන් ඔයාට අවශ්‍ය කැල්සියම් ප්‍රමාණය ලබාගන්න පුළුවන්.

ඒ වගේම ඔක්සලේට් බහුල කෑම වර්ග වෙන

  • නිවිති
  • ලීක්ස්
  • බණ්ඩක්කා
  • තේ ,කෝපි, චොකලට්
  • බීට්රූට්, තලඇට

වගේ කෑම අඩු කරන එකත්, මුත්‍රාගල් වළක්වාගන්න උදව් වෙනවා.

ලුණු භාවිතය සීමා කරන එකත් මුත්‍රාගල් වළක්වාගන්න වැදගත්. කෙනෙක් දවසකට ලුණු ග්‍රෑම් 5ක්, ඒ කියන්නේ තේ හැන්දක ප්‍රාමාණයකට සීමා වෙන්න ඕනි.

ඒ වගේම බැදපු අලපෙති, සොසේජස්, ටින් කරපු මස් මාළු වගේ කෑම අඩු කරන එකත්,කෑමෙන් ගන්න ලුණු ප්‍රමාණය අඩු කරන්න උදව් වෙනවා.

විජලනයට අමතරව මුත්‍රාගල් ඇතිවෙන්න බළපාන, එක් එක්කෙනාට විශේෂ වුණු හේතු ගණනාවක් තියෙනවා.

ඇඟේ අධිබර පාලනය කරගන්න එක, ව්‍යායාම කරන එකත්, මුත්‍රා ගල් වළක්වාගන්න උදව් වෙනවා.

මීට අමතරව, ඔයාගේ මුත්‍රා මාර්ගයේ පිහිටීමේ වෙනස්කම්, ඇඟේ පරිවෘත්තිය ක්‍රියා වල වෙනස්කම්, මුත්‍රාගල් හැදෙන්න හේතු වෙනවා.

මේ වගේ හේතුවක් නිසා නම් ඔයාට මුත්‍රාගල් හැදිලා තියෙන්නේ, ඒ විශේෂ හේතුවට අදාළව මුත්‍රාගල් වළක්වාගන්න අවශ්‍ය උපදෙස්, වෛද්‍යවරයා ඔයාට ලබා දෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu