මුඛ පිළිකාව ගැන දැනගනිමු


මත් වතුර බොන, දුම්පානය කරන, බුලත්විට සපන ඔබේ හිතවතුන්ට, මුඛ පිළිකාව සෑදීම වළකා ගන්නේ කොහොමද ? ශ්‍රී ලංකාවේ පිරිමි අයට වැඩිපුරම හැදෙන පිළිකාව වන්නේ මුඛ පිළිකාවයි. ඔබේ කටේ පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ වෙනස්කම් වලින් මුඛ පිලිකාවක් තිබෙන බව හදුනා ගන්න පුලුවන්. පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ ඇති වන වෙනස්කම් මේ වෙනස්කම් හඳුනා ගැනීමට නම්, ඔබ මාසයකට […]

මත් වතුර බොන, දුම්පානය කරන, බුලත්විට සපන ඔබේ හිතවතුන්ට, මුඛ පිළිකාව සෑදීම වළකා ගන්නේ කොහොමද ?

ශ්‍රී ලංකාවේ පිරිමි අයට වැඩිපුරම හැදෙන පිළිකාව වන්නේ මුඛ පිළිකාවයි. ඔබේ කටේ පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ වෙනස්කම් වලින් මුඛ පිලිකාවක් තිබෙන බව හදුනා ගන්න පුලුවන්.

පිළිකාවක් ඇතිවීමට පෙර, කටේ ඇති වන වෙනස්කම්

  • කාලයක් පවතින රතු හෝ සුදු ලප
  • මුඛයේ අසාමාන්‍ය දැවිල්ලක්
  • තොල් සහ කම්මුලේ ඇතුල් පැත්ත ඝනවීමක්, සුදුමැලි වීමක්
  • කාලයක් තියෙන සුව නොවන තුවාලයක්

මේ වෙනස්කම් හඳුනා ගැනීමට නම්, ඔබ මාසයකට වතාවක් වත් කණ්ණාඩියකින් බලමින් ඔබේ ඔබේ කට ඇතුල පරීක්ෂා කළ යුතුයි.

කට ඇතුලත පරීක්ශා කරන්නෙ කොහොමද?

ඇඟිලි වලින් තොල පිටතට පෙරළා, තොලේ ඇතුළු පැත්තත්,
කම්මුලේ ඇතුළු පැත්තත්,
දිව පිටතට ඇද දිවේ හැම පැත්තක්මත්,
දිව උඩුතල්ලේ ගාවා දිවේ යටි පැත්තත්, මුඛයේ පතුලත්

පරීක්ෂාකර එම වෙනස්කම් තිබේදැයි බලන්න.

ඔබේ මුඛයේ එහෙම වෙනස් කමක් තිබෙනවා නම් හෝ,

දවසකට බුලත් දෙක තුනකට වඩා සපනවා නම්

පුරුද්දක් ලෙස දුම්පානය කරන සතියකට වතාවක්වත් මත්වතුර පානය කරන අයෙක් නම්,
දවසකට පුවක් පැකට් එකක් වත් සපනවා නම්

ඔබට මුඛ පිළිකා වැළඳීමේ විශාල අවදානමක් තිබෙනවා. ඒ නිසා ඉක්මනින් ළඟම දන්ත වෛද්‍යවරයා හමු වී මුඛය පරීක්ෂා කර ගන්න.

බුලත්විට දුම්වැටි හා මත් වතුර භාවිතයෙන් වැළකීම මගින් ඔබට මුඛ පිළිකාව වැළඳීමේ අවදානම බොහෝ දුරට අඩු කරගන්න පුළුවන්.



More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu