අර්ශස් රෝගය ගැන දැනගනිමු


ෆෝන් එක ඔබ ඔබ ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා හිටියොත්, අර්ශස් රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා කියලා දන්නවාද ? මළපහ සමඟ ලේ පිටවීම, ගුද මාර්ගය ළඟ ගෙඩි තියෙනවා වගේ දැනීම, අර්ශස් රෝගය හැදුණොත් ඇතිවෙන්න පුළුවන්. ඉතින් ඔයාට අර්ශස් රෝගය හැදෙන එක වළක්වාගන්න නම් මුලින්ම ඔයා මේ රෝගය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි. අර්ශස් රෝගය හැදෙන්නේ […]

ෆෝන් එක ඔබ ඔබ ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා හිටියොත්, අර්ශස් රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා කියලා දන්නවාද ?

මළපහ සමඟ ලේ පිටවීම, ගුද මාර්ගය ළඟ ගෙඩි තියෙනවා වගේ දැනීම, අර්ශස් රෝගය හැදුණොත් ඇතිවෙන්න පුළුවන්.

ඉතින් ඔයාට අර්ශස් රෝගය හැදෙන එක වළක්වාගන්න නම් මුලින්ම ඔයා මේ රෝගය හැදෙන්නේ කොහොමද කියලා දැනගන්න ඕනි.

අර්ශස් රෝගය හැදෙන්නේ කොහොමද?

අර්ශස් රෝගයේදී ඔයාගේ ගුද මාර්ගයේ කෙළවර තියෙන පටක ඉදිමීමක් සහ ඒ පටක ගුද මාර්ගයෙන් පහතට පැමිණීම වෙනවා.

ඔයාගේ උදර කුහරයේ පීඩනය වැඩි වුණොත්, මෙහෙම වෙන්න තියෙන අවදානම වැඩියි.

ඔයාට මලබද්ධය තියෙනවා නම්, ඒ කියන්නේ ටොයිලට් යනකොට බඩ වේළවලා, අමාරුවෙන් නම් මළපහ පිටවෙන්නේ, ඒකෙන් ඔයාගේ උදර කුහරයේ පීඩනය වැඩි වෙන්න පුළුවන්.

මේකෙදි ඔයා අමාරුවෙන් මළපහ පිට කරන්න උත්සාහ කරද්දී සහ, ගොඩක් වෙලා ටොයිලට් එකේ වාඩි වෙලා ඉද්දි, අර්ශස් හැදෙන්න පුළුවන්.

මේ නිසා මලබද්ධය පාලනය කරගන්න එක, අර්ශස් හැදෙන එක වළක්වාගන්න ගොඩාක් වැදගත්.

මේ වෙනුවෙන් ඔයාට කරන්න පුළුවන් දේවල් තමයි,

  • තන්තු වැඩි කෑම වර්ග වෙන එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග වැඩියෙන් කෑමට ගැනීම
  • හොඳින් වතුර බොන එක
  • ඒ වගේම ටොයිලට් යනකොට අධිකව තැටමීම අඩු කරන එක. මේකට ටොයිලට් යන්න අවශ්‍යතාවය ඇතිවුණොත් විතරක් ටොයිලට් යන එක වැදගත්.
More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu