sex කරන්න කලින් දැනගත යුතු කරුණු  


හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙන ඔබ, sex කරන්න කලින් දැනගත යුතු කරුණු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, යෝනි ( vaginal sex ), ගුද ( anal sex ) හා මුඛ ( oral sex ) සංසර්ගය මගින් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙනවා. ලිංගාශ්‍රිත රෝගවල පොදු ලක්ෂණ වෙන්නේ, ලිංගික සම්බන්ධතාවයකදී කොන්ඩම් භාවිතා කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා […]

හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති ශ්‍රී ලංකාවේ පුරවැසියකු වෙන ඔබ, sex කරන්න කලින් දැනගත යුතු කරුණු

ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග, යෝනි ( vaginal sex ), ගුද ( anal sex ) හා මුඛ ( oral sex ) සංසර්ගය මගින් පුද්ගලයාගෙන් පුද්ගලයාට බෝ වෙනවා.

ලිංගාශ්‍රිත රෝගවල පොදු ලක්ෂණ වෙන්නේ,

  •  ඔබේ ලිංගික අවයව වලින් අසාමාන්‍ය විදිහට ශ්‍රාවයක් පිටවීම
  •  මුත්‍රා කිරීමේදී දැඩි වේදනාවක් ඇතිවීම
  •  ලිංගික අවයව වල කැසීම් ඇති වීම
  •  ලිංගික අවයව අවට බිබිලි හෝ තුවාල ඇතිවීම

ලිංගික සම්බන්ධතාවයකදී කොන්ඩම් භාවිතා කිරීමෙන් ලිංගාශ්‍රිත රෝග වලින් ආරක්ෂා වෙන්න පුළුවන්

ලිංගාශ්‍රිත රෝග වලට ප්‍රතිකාර නොකළොත්, එම රෝගය ඔබෙන්, ඔබේ ලිංගික සහකරුට බෝ වෙන්න පුළුවන්

සමහර ලිංගාශ්‍රිත රෝග වලදී ඔබට කිසිම රෝග ලක්ෂණයක් දැනෙන්නේ නැහැ. ඔබට රෝගයක් ඇති බව දැන ගන්න තියෙන එකම ක්‍රමය පරික්ෂාවක් සිදු කර ගැනීම පමණයි.

එම නිසා ඔබ,

කොන්ඩම් භාවිතයකින් තොරව අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පවත්වනවානම් හෝ,

කලින් කියපු ලිංගාශ්‍රිත රෝග ලක්ෂණ තියෙනවා නම්,
ඉක්මනින් ළඟම රෝහලේ ලිංගාශ්‍රිත රෝග සායනයට ගිහින් පරීක්ෂා කරගන්න. 

නිවැරදිව ප්‍රතිකාර ගැනීමෙන්, බොහෝ ලිංගිකව බෝවන රෝග සම්පූර්ණයෙන් සුව කරගෙන සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්. 

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu