ස්වයං පියයුරු පරීක්ෂාව


පියයුරු පිළිකාවක් නිසා ඔබේ පියයුරු ඉවත් කරන්න වුණොත් ? එහෙම වෙන එක වළක්වා ගන්න මේ කරුණු ඔබට වැදගත් වේවි. පියයුරු පිළිකා වලට මූලික අවස්ථාවල දීම ප්‍රතිකාර කළොත්, වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ පියයුරු වල ඇතිවන පිළිකා, මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැඩිම වගකීම පැවරෙන්නේ ඔබටමයි. මේ සඳහා ඔබ විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි. විශේෂයෙන් […]

පියයුරු පිළිකාවක් නිසා ඔබේ පියයුරු ඉවත් කරන්න වුණොත් ? එහෙම වෙන එක වළක්වා ගන්න මේ කරුණු ඔබට වැදගත් වේවි.

පියයුරු පිළිකා වලට මූලික අවස්ථාවල දීම ප්‍රතිකාර කළොත්, වඩා සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඔබේ පියයුරු වල ඇතිවන පිළිකා, මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමේ වැඩිම වගකීම පැවරෙන්නේ ඔබටමයි.

මේ සඳහා ඔබ විසින් ස්වයං පියයුරු පරීක්ෂාවක් සිදුකර ගත යුතුයි. විශේෂයෙන් වයස අවුරුදු 20 ඉක්මවූ කාන්තාවන්, මසකට වරක් මෙය සිදුකල යුතුයි.

ඔසප් ( මාසික ශුද්ධවීම ) දින ආසන්නයේදී, පියයුරු වල ගැටිති සහිත ස්වභාවයක් හෝ වේදනාවක් දැනීම බොහෝ විට සාමාන්‍ය තත්ත්වයක්.

ඒ නිසා ඔබට තවමත් ඔසප් වීම සිදු වෙන කෙනෙක් නම්, ඔසප් වීමෙන් දින කීපයකට පසු (දින 7 - 10 අතර ) , සෑම මාසයකම මෙය සිදු කරන්න.

ඔසප් වීම නතර වෙලා නම් , හැම මාසයේම නිශ්චිත දවසක පරීක්ෂාව සිදු කරන්න.

ගර්භණී සහ කිරි දෙන මව්වරුනුත් , ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කළ යුතුයි.

පියයුරු පිළිකාවක් බව සැක කළ හැකි රෝග ලක්ෂණ

  • ගැටිත්තක් හෝ ගෙඩියක්
  • තනපුඬුවේ වෙනසක්
  • ශ්‍රාවයක් පිටවීමක්
  • මෑතකදී ඇතිවූ තනපුඬු පියයුරු තුළට නෙරා යාමක්
  • පියයුරු වල සමේ පැහැයේ වෙනසක්
  • පියයුරු කොටසක් ඇතුළට නෙරා යාමක්
  • දිගට පවතින වේදනාවක්

මේ ලක්ෂණ තියෙනවනම් ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කරන විදිහ පහළ රූපවල පෙන්වා දී තිබෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu