BP - 100 බිස්කට් ගැන හරියටම දැනගනිමු


ත්‍රිපෝෂ ගැන දැනගෙන හිටියත්, ලංකාවේ බබාලට දෙන, මේ BP - 100 බිස්කට් එක ගැන දැනගෙන හිටියද ? මේ බිස්කට් එක, ලංකාවේ උග්‍ර තීව්‍ර මන්දපෝෂණය තියෙන බබාලට, , ඒ කියන්නේ දරුණු විදිහට පෝෂණය අඩු බබාලට, පෝෂණ අතිරේකයක් විදියට දෙනවා. ලංකාවේ මේ වෙනකොට තියෙන ආර්ථික අර්බුදය නිසා, වැඩියෙන්ම පීඩා විඳින්නේ ලංකාවේ අහිංසක පුංචි ළමයි. මාස ගානකින් මස් […]

ත්‍රිපෝෂ ගැන දැනගෙන හිටියත්, ලංකාවේ බබාලට දෙන, මේ BP - 100 බිස්කට් එක ගැන දැනගෙන හිටියද ?

මේ බිස්කට් එක, ලංකාවේ උග්‍ර තීව්‍ර මන්දපෝෂණය තියෙන බබාලට, , ඒ කියන්නේ දරුණු විදිහට පෝෂණය අඩු බබාලට, පෝෂණ අතිරේකයක් විදියට දෙනවා.

ලංකාවේ මේ වෙනකොට තියෙන ආර්ථික අර්බුදය නිසා, වැඩියෙන්ම පීඩා විඳින්නේ ලංකාවේ අහිංසක පුංචි ළමයි.

මාස ගානකින් මස් මාළු බිත්තර ඇහැටවත් දකින්න නැතුව, වේලක් හැර වේලක් කාල ජීවත් වන ළමයි දහස් ගණනක් අපේ රටේ ඉන්නවා.

ඉතින් පුංචි වයසෙදි බබාලට ලැබෙන්න ඕනි පෝෂණය නොලැබුණාම, බබාගේ වර්ධනය හරි විදියට සිද්ධ වෙන්නෙ නෑ.

පුංචි බබාලා වෙනුවෙන් MOH එකෙන් කරන clinic වලදී, බබාගේ උස සහ බර මැනලා, බබාගේ සටහන් පොතේ ලකුණු කරනවා. මෙතනදී බබාගේ උසට අදාළ බර, රතු පාට කොටසේ තිබුණොත්, ඒ බබාට දරුණු මන්දපෝෂණ තත්ත්වයක් තියෙනවා.

ලංකාවේ ගොඩක් අම්මල දරුවා ලැබුනට පස්සේ තමන්ගේ කාර්යබහුල බව නිසා හරි, නොසැලකිල්ල නිසා හරි, බබාව හරි විදියට clinic වලට එක්කන් යන්නෙ නැහැ.

මේ නිසා බබාගේ පෝෂණය අඩුයි කියලා දැනගන්න ප්‍රමාද වෙන හින්දා, අවශ්‍ය ප්‍රතිකාර නොලැබිලා බබාට ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.

මේ නිසා බබාලව හරි විදිහට clinic එක්කන් යන්න කියලා, හැමදෙනාවම දැනුවත් කරන එක ඔයාගේ වගකීමක්.

ඉතින් බබාගේ උසට අදාල බර, රතු පාට කොටසේ නම් තියෙන්නේ, ඒ කියන්නේ බබාට උග්‍ර මන්ද පෝෂණ තත්ත්වයක් තියෙනවා නම්, බබාව රෝහලකට යොමු කරවලා, බබාට BP - 100 බිස්කට් එක ලබා දෙනවා.

මේ BP - 100 බිස්කට් එකේ බබාට අවශ්‍ය විටමින්, මිනරල්, ඒවගේම කැලරි විශාල ප්‍රමාණයක් තියෙනවා.

මේ බිස්කට් එක අවුරුදු දෙකකට වැඩි බබාලට කෙලින්ම බිස්කට් විදියට හරි, වතුරේ දිය කරලා හරි කන්න පුළුවන්. අවුරුදු දෙකට අඩු බබාලට මේ බිස්කට් එක කැඳ විදියට හදලා දෙන්න පුළුවන්.

ලංකාවේ මේ වෙනකොට උග්‍ර මන්ද පෝෂණයේ තියෙන දරුවන් 15,000 කට වඩා ඉන්නවා. ඉතින් මේ ගැන හැමෝවම දැනුවත් කරලා, ඒ බබාලගේ ජීවිත බේරගන්න ඔයාට වගකීමක් තියෙනවා.

බබාගේ පෝෂණය අඩු වුණොත්, බබාගේ බුද්ධිය වර්ධනය අඩුවීම, active ගති අඩුවීම, ප්‍රතිශක්තිය දුර්වල වීම, තුවාල ඉක්මනින් සනීප නොවීම වගේ දේවල් වෙන්න පුළුවන්.

දරුවන්ගේ පෝෂක ප්‍රමාණය අඩුවෙන එක වළක්වගන්නේ කොහොමද කියලා ඔයාලට අපේ ඊළඟ ලිපියකින් දැනගන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu