බැක්ටීරියාවකින් හැදෙන ගැස්ට්‍රයිටිස්


බැක්ටීරියාවකින් ගැස්ට්‍රයිටිස් හැදෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ? නිධන්ගත, ඒ කියන්නේ කාලයක් තිස්සේ තියෙන ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුව තමයි, Helicobactor pylori කියන බැක්ටීරියාව ආමාශ බිත්තිය ආසාදනය කිරීම. ගැස්ට්‍රයිටිස් වලට මේ විදියට බැක්ටීරියාවක් හේතු වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මේ බැක්ටීරියාව ගොඩක් වෙලාවට ඇඟට ඇතුළු වෙන්නේ ,අපි පොඩි කාලයේදි අපි කන කෑම සහ වතුර […]

බැක්ටීරියාවකින් ගැස්ට්‍රයිටිස් හැදෙනවා කියලා ඔයා දැනගෙන හිටියද ?

නිධන්ගත, ඒ කියන්නේ කාලයක් තිස්සේ තියෙන ගැස්ට්‍රයිටිස් වලට ප්‍රධාන හේතුව තමයි, Helicobactor pylori කියන බැක්ටීරියාව ආමාශ බිත්තිය ආසාදනය කිරීම.

ගැස්ට්‍රයිටිස් වලට මේ විදියට බැක්ටීරියාවක් හේතු වෙන්න පුළුවන් කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ.

මේ බැක්ටීරියාව ගොඩක් වෙලාවට ඇඟට ඇතුළු වෙන්නේ ,අපි පොඩි කාලයේදි අපි කන කෑම සහ වතුර සමඟයි.

ඉතින් ගැස්ට්‍රයිටිස් වලට හේතුව මේ බැක්ටීරියාවද කියලා බලන්න කරන පරීක්ෂණය positive වුණොත්, වෛද්‍ය උපදෙස් අනුව දවස් 7-14ක් වගේ ගානක් එක දිගට ඇන්ටිබයොටික්ස් ඇතුළු බෙහෙත් ගැනීමෙන්, මේ බැක්ටීරියා ආසාදනය ආහාර මාර්ගයෙන් ඉවත් කරන්න පුළුවන්.

මේ බැක්ටීරියාවෙන් ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්වය හොඳ කරගන්නෙ නැතුව දිගටම තිබුණොත්, peptic ulcer කියලා හඳුන්වන ආමාශයේ තුවාල ඇති වෙනවා. මේ තුවාල පසුව සිදුරු වෙලා බරපතළ සංකූලතා ඇති වෙන්න ඉඩ තියෙනවා.

මෙහෙම ආමාශයේ තුවාල ඇතිවෙන්න, Helicobactor බැක්ටීරියාවට අමතරව, සිගරට් භාවිතය, ඇස්ප්‍රින් brufen වගේ වේදනාශක ඖෂධ භාවිතයත් හේතු වෙනවා.

Helicobactor බැක්ටීරියා නිසා ආමාශයේ තුවාල වලට අමතරව, ගැස්ට්‍රයිටිස් තත්ත්වය දිග කාලයක් තිබුනොත් ආමාශයේ පිළිකා පවා ඇතිවෙන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu