,

දවසකට කොයිතරම් වතුර බොන්න ඕනෙද?


ඔබ ජලය පානය කරනවා අඩු නම්, ඇඟ විජලනය වෙලා නම්, ඔබට වකුගඩු ආබාධ, මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඔබේ ඇඟ විජලනය වී (ඇඟේ වතුර ප්‍රමාණය අඩු වී ) තිබෙනවාද කියා දැනගත හැකි පහසුම ක්‍රමය වන්නේ ඔබගේ මුත්‍රාවල පාට පරීක්ෂා කර බැලීමයි. අධික දහඩිය දැමීම, වමනය, පාචනය වැනි හේතූන් නිසා ඔබේ ඇඟෙන් වතුර විශාල […]

ඔබ ජලය පානය කරනවා අඩු නම්, ඇඟ විජලනය වෙලා නම්, ඔබට වකුගඩු ආබාධ, මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇතිවීමේ අවදානමක් තිබෙනවා.

ඔබේ ඇඟ විජලනය වී (ඇඟේ වතුර ප්‍රමාණය අඩු වී ) තිබෙනවාද කියා දැනගත හැකි පහසුම ක්‍රමය වන්නේ ඔබගේ මුත්‍රාවල පාට පරීක්ෂා කර බැලීමයි. අධික දහඩිය දැමීම, වමනය, පාචනය වැනි හේතූන් නිසා ඔබේ ඇඟෙන් වතුර විශාල ප්‍රමාණයක් ඉවත් වෙලා ඔබව විජලනය වෙන්න ඉඩක් තියෙනවා.

ඔබේ මුත්‍රාවල පාට අනුව, ඔබ විසින් කොතරම් ජලය එවේලේම පානය කළ යුතුද කියලා, පහත රූපයේ පෙන්වලා තියෙනවා.

මුත්‍රාවල පාට වෙනස් වීමට අමතරව, විජලනයේදී ඇතිවන අනෙක් ලක්ෂණ වන්නේ

  • අධික පිපාසය
  • තොලකට වියළීම
  • මුත්‍රා කරන වාර ගණන අඩුවීම
  • කරකැවිල්ල හෝ කලාන්ත ගතිය

විජලනය වළක්වා ගැනීමට නම් ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුයි. ( දිනකට ලීටර් 3 - වතුර වීදුරු 7 )

ජල පානය ප්‍රමාණවත් පරිදි පවත්වා ගැනීමට,

  • නැවත පිරවිය හැකි වතුර බෝතලයන් ඔබ ළඟ තබාගෙන දිනය පුරා වරින් වර ජලය පානය කරන්න
  • පිපාසය දැනෙන තුරු නොසිට වතුර බොන්න
  • පැණි බීම, පාට කළ බීම නවත්වා ඒ වෙනුවට වතුර බොන්න
More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu