ගංවතුර නිසා බෝ වන පාචනය !


දවස් ගානක් තිබුණු ගංවතුර හින්දා, පාචන රෝග තත්ත්ව, බඩේ අමාරු හැදෙන්නේ ලොකු අවදානමක් තියෙනවා. ගංවතුරෙන් ගෙවල්, පාරවල් යට වෙද්දී, ටොයිලට් වළවල් උතුරලා, ඒවායේ තියෙන මළමුත්‍රා, ඒ වගේම කසල පද්ධතිවල තියෙන කැලි කසල ගංවතුර එක්ක මිශ්‍ර වෙනවා. මෙහෙම අපවිත්‍ර වුණු ගංවතුර, ළිං, උල්පත්, ගඟවල් වගේ පානීය ජල මූලාශ්‍ර එක්ක මිශ්‍ර වෙනවා. ඉතින් ගංවතුර අඩුවෙලත් තව කාලයක් […]

දවස් ගානක් තිබුණු ගංවතුර හින්දා, පාචන රෝග තත්ත්ව, බඩේ අමාරු හැදෙන්නේ ලොකු අවදානමක් තියෙනවා.

ගංවතුරෙන් ගෙවල්, පාරවල් යට වෙද්දී, ටොයිලට් වළවල් උතුරලා, ඒවායේ තියෙන මළමුත්‍රා, ඒ වගේම කසල පද්ධතිවල තියෙන කැලි කසල ගංවතුර එක්ක මිශ්‍ර වෙනවා.

මෙහෙම අපවිත්‍ර වුණු ගංවතුර, ළිං, උල්පත්, ගඟවල් වගේ පානීය ජල මූලාශ්‍ර එක්ක මිශ්‍ර වෙනවා.

ඉතින් ගංවතුර අඩුවෙලත් තව කාලයක් යනකන්, බඩේ අමාරු ඇති කරවන්න පුළුවන් බැක්ටීරියා, වෛරස් වගේ ක්ෂුද්‍ර ජීවීන්, ඔයා බොන්න ගන්න වතුර වල ඉතුරු වෙනවා.

ගංවතුරට යට නොවුණු පැතිවලට පවා, වතුර ලැබෙන මූලාශ්‍රය, ගංවතුර නිසා මෙහෙම අපවිත්‍ර වෙලා තියෙන්න පුළුවන්.

පාචනය වළක්වා ගැනීමට කළ යුතු දේ,

  • මේ නිසා උණුකර නිවාගත් වතුර විතරක් බොන්න පුරුදු වෙන්න.
  • ඔයා වතුර බොන්නේ ළිඳෙන් අරගෙන නම්, ළිඳ ඉහින්න වගේම, ක්ලෝරීන් දාලා පිරිසිදු කරන්නත් අමතක කරන්න එපා.

බොන වතුර වලට අමතරව කෑම වර්ගත්, ගංවතුර නිසා අපිරිසිදු වෙන්න පුළුවන්.

  • ඒ නිසා මේ දවස්වල කෑම හදද්දී, ඉතාම සැළකිල්ලෙන් කෑම හෝදලා පිරිසිදු කරන්න අමතක කරන්න එපා. එළවළු පලාවර්ග සලාද විදියට කන්න එපා. හොඳින් උයලා කෑමට ගන්න.
  • කෑම කන්න කලින් සබන් දාලා හොඳින් අත් සෝදන්න.
  • ගංවතුරේ ඔබේ ගෙදර ටොයිලට් හරි, ටොයිලට් වළ හරි හානි වෙලා නම්, ඉක්මනින් අලුත්වැඩියා කරගන්න.

මොකද මලද්‍රව්‍ය හරියට බැහැර නොවීම, සෞඛ්‍ය ප්‍රශ්න ගොඩක් ඇතිවෙන්න බළපානවා.

ගංවතුර නිසා වැඩිවෙන ඩෙංගු රෝගය

ගංවතුර නිසයි ඊළඟට ඇතිවන ලොකුම ප්‍රශ්නය තමයි, ඩෙංගු උණ පැතිරෙන්න පටන් ගැනීම.

මේ නිසා ඩෙංගු මදුරුවෝ බෝවෙන්න පුළුවන් තැන් විනාශ කරන්න වගේම, මදුරුවෝ දෂ්ට කරන එකෙන් ආරක්ෂා වෙන්නත් අමතක කරන්න එපා.

මේ දවස්වල උණ හැදුනු කෙනෙක්ට හිතුමනාපෙට ගෙදර තියෙන වේදනාශක දුන්නොත්, උණ රෝගියාගේ ජීවිතයේ අවදානමට ලක් වෙන විදිය, අපේ වෙබ් අඩවියේ තියෙන ලිපියකින් ඔබට දැනගන්න පුළුවන්.

ගංවතුරෙන් ඇතිවෙන ලෙඩ රෝග වළක්වා ගැනීම, ඔයාගේ වගකීමක් !

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu