ගැබ්ගෙල පිළිකාව පිළිබඳව ඔබ දැනුවත්ද ?


ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර, බහුලතම පිළිකා වර්ගයක් වන ගැබ්ගෙල පිළිකාව පිළිබඳව ඔබ දැනුවත්ද ? ගැබ්ගෙල (cervix) කියන්නේ, ගර්භාෂය සහ යෝනි මාර්ගය අතර පිහිටන ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර කොටසක්. ගැබ්ගෙල පිළිකාවක් ඇතිවීමට බලපාන මූලිකම හේතුව වන්නේ , හියුමන් පැපිලෝමා නමැති වෛරසය (HPV) ඔබේ ඇඟට ඇතුළු වී ගැබ්ගෙල ප්‍රදේශයේ දිගු කාලයක් පවතින ආසාදනයක් ඇති කිරීමයි. දැනටමත් HPV […]

ශ්‍රී ලංකාවේ කාන්තාවන් අතර, බහුලතම පිළිකා වර්ගයක් වන ගැබ්ගෙල පිළිකාව පිළිබඳව ඔබ දැනුවත්ද ?

ගැබ්ගෙල (cervix) කියන්නේ, ගර්භාෂය සහ යෝනි මාර්ගය අතර පිහිටන ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ අභ්‍යන්තර කොටසක්.

ගැබ්ගෙල පිළිකාවක් ඇතිවීමට බලපාන මූලිකම හේතුව වන්නේ , හියුමන් පැපිලෝමා නමැති වෛරසය (HPV) ඔබේ ඇඟට ඇතුළු වී ගැබ්ගෙල ප්‍රදේශයේ දිගු කාලයක් පවතින ආසාදනයක් ඇති කිරීමයි.

දැනටමත් HPV ආසාදිත රෝගියෙකු හෝ රෝග වාහකයකු සමඟ, ඔබ අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූවොත්, HPV වෛරසය ඔබේ ඇඟට ඇතුළු වෙන්න ඉඩ තියෙනවා.

ගැබ්ගෙල පිළිකාව සෑදීමට වැඩි අවදානමක් තියෙන පිරිස කවුද ?

  •  ලිංගික සහකරුවන් එක් අයෙකුට වැඩියෙන් සිටින කාන්තාවන්ට
  •  ලිංගික සහකරුවන් එක් අයෙකුට වැඩියෙන් සිටින පිරිමින් සමග ලිංගිකව එකතු වන කාන්තාවන්ට
  •  විවිධ රෝග වලට ප්‍රතිකාර විදියට, ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධ ගන්න කාන්තාවන්ට
  •  දැනටමත් ලිංගිකව බෝවන රෝග වැළඳී ඇති කාන්තාවන්ට

හියුමන් පැපිලෝමා වෛරසය ඔබේ ඇඟට ඇතුළු වීම වළක්වා ගන්නේ කොහොමද ?

  •  ඔබගේ ලිංගික ජීවිතය විශ්වාසවන්ත එක් සහකරුවෙකුට සීමා කරන්න
  •  අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකදී උපත් පාලන කොපු භාවිතා කරන්න

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා මගින් සපයන සේවා මොනවාද ?

  •  ගැහැණු ළමයින්ට 6 ශ්‍රේණියේ දී HPV එන්නත ලබාදීම
  •  ගැබ් ගෙල පිලිකාවේ පූර්ව පිළිකා අවධිය හඳුනාගැනීමට පැප් පරීක්ෂාවන් (Pap Smear Examination) සිදු කිරීම.

ඔබට මෙම සේවාවන් ලබාගත හැක්කේ කොහොමද, එමඟින් ගැබ්ගෙල පිළිකාව වළකා ගන්නේ කොහොමද, යන කරුණු පිළිබඳව අප මෙම වෙබ් අඩවියෙ ඉදිරියේදී පලකරන ලිපි මගින් දැනුවත් කිරීමට සූදානම්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu