ඔයාට සැරින් සැරේට ඔලුව කැක්කුම හැදෙනවාද ?
ගොඩක් දෙනෙක්ට මෙහෙම වෙන්න හේතුව තමයි migraine නොහොත් ඉරුවාරදය
නමුත් ඔයාගේ ඔලුව කැක්කුමටත් හේතුව මේකද ?
මිග්රේන් තියෙන කෙනෙක්ට රෝගය උත්සන්න වෙද්දී, වෙන කිසිම වැඩක් කරගන්න බැරි වෙන තරමේ දරුණු ඔලුව කැක්කුමක් දැනෙනවා.
මිග්රේන් තියෙන කෙනෙක්ට ඔලුව කැක්කුම හැදෙන්නේ මොන වෙලාවලදීද ?
- අධික ශබ්ද නිසා, දීප්තිමත් ආලෝකය නිසා
- කෙනෙක් stress වෙලා ඉන්න වෙලාවට
- ගොඩක් මහන්සි වුණු වෙලාවට
- ඒ වගේම නින්ද අඩු වෙලාවට හෝ ගොඩක් වෙලා නිදාගත්තාම
- කෑම වේල් මඟ හැරියාම, ඇල්කොහොල් ගත්තාම
මේ වගේ විවිධ හේතු හින්දා, migraine තියෙන කෙනෙක්ට තද ඔලුව කැක්කුමක් හැදෙන්න පුළුවන්.
ඒ නිසා මේ හේතු වළක්වා ගන්න එක සහ, ඒ වෙනුවෙන් ඔයාගේ ජීවන රටාව හැඩගස්වා ගන්න එක, Migraine පාලනය කරන්න ගොඩක් වැදගත්. හරි වෙලාවට කෑම ගන්න එක, Stress එක අඩු කරගන්න විනෝදාංශ, ව්‍යායාම කරන එක, මේකට ඔයාට උදව් වෙනවා.
කාන්තාවකට migraine හැදෙන්න හෝමෝන වල වෙනස්කම් බළපාන්න පුළුවන්.
මාසික ඔසප් වීම් periods ආරම්භ වෙන්න වහාම කළින්, ආර්තව හරණයේදී menopause වගේම, උපත් පාලන පෙති භාවිතා කරද්දිත්, Migraine තියෙන කාන්තාවකට ඔලුවේ කැක්කුම ඇතිවෙන්න පුළුවන්.
කෙනෙක්ට Migraine හැදෙන්නේ මොකක් නිසාද ?
Migraine රෝගය පරම්පරාවෙන් එන ලෙඩක් විදියට, ඒ කියන්නේ ආරෙට හැදෙන්න පුළුවන්. මේ ජානමය බලපෑම නිසා ඔයාගේ ඔළුවේ ස්නායු අධිකව සක්‍රිය වෙන්න ඉඩක් තියෙන එක තමයි (neuronal hyperexcitability) මේ රෝගයට හේතුව වෙන්නේ.
ඔයාට තියෙන ඔලුවේ කැක්කුම Migraine ද කියලා අඳුනගන්නේ කොහොමද ?
- ඔලුවේ පැත්තකින් කැක්කුම පටන් ගැනීම
- කැක්කුමත් එක්ක ඔලුව ගැහෙනවා වගේ දැනීම (throbbing type pain)
- ඔයා ඔලුව හොලවද්දි, වැඩ කරද්දි, කැක්කුම වැඩිවෙන එක
- ඔලුවෙ කැක්කුම තියෙන වෙලාවට වමනේ යාම හෝ වමනේ යන ගතියක් දැනීම
- අධික ශබ්ද වලින් හෝ දීප්තිමත් ආලෝකය හින්දා අමාරු ගතිය වැඩිවීම
මේ දේවල් තියෙනවා නම් ඔයාට Migraine තියෙනවා වෙන්න පුළුවන්
Migraine තියෙන කෙනෙක් ඔලුව කැක්කුම හැදුණු වෙලාවට, අඳුරු නිශ්ශබ්ද තැනක ඉන්න උත්සාහ කරනවා. ඒ වගේම නිදාගන්න එකෙන් එහෙම කෙනෙක්ට සහනයක් ලැබෙනවා.
Migraine තියෙන සමහර අයට ඔලුවේ කැක්කුම ඇති වෙන්න වහාම කලින් ස්නායු ආශ්රිත රෝග ලක්ෂණ ඇතිවෙන්නන පුළුවන්. ඒවා තමයි
පෙනීමේ අපහසුතා. මේ වෙලාවෙදි කෙනෙක්ට
- නිවි නිවී දිළිසෙන දීප්තිමත් තිත්/ ආලෝක පෙනීම (shimmering),
- දෘශ්‍ය පථයේ පෙනීම නැති ලප ඇතිවීම(patches of loss of vision)
- බිඳුණු කණ්ණාඩියකින් බලනවා වගේ පෙනීම (fragmentation of the image)
- දැති දැති වගේ ඉරි / අකුණු සහ එළි පෙනීම (teichopsia)
වෙන්න පුළුවන්.
ඒ වගේම කථන ආබාධ, ඉතාම කලාතුරකින් අතපය පණ නැති වීම වෙන්න පුළුවන්. මේ විදිහට හිසරදයට කලින් ස්නායු ආශ්රිත රෝග ලක්ෂණ ඇති වෙනවා නම් ඒ තත්ත්වය migraine with aura කියලා හඳුන්වනවා.
