සමාජ මාධ්‍ය වලින් අනෙක් අයට හිංසා කරන එක, හිතනවාට වඩා දරුණු තැනකින් කෙළවර වෙන්න පුළුවන්. ![]()
සයිබර් අවකාශය තුළ, අපි පෞද්ගලිකත්වයක් නැති වෙන තරමට අනෙක් අයට නිරාවරණය වෙලයි ඉන්නේ.
ඒ නිසා අපිට හිතෙන ඕනිම දෙයක්, අන්තර්ජාලයෙන් අනෙක් අයට කියන්න, අපිට ඉඩ ලැබිලා තියෙනවා.
අපේ සම්බන්ධතා වල තියෙන දුරස්ථ බව නිසා, ඒ කියන දේවල් වල ප්‍රතිඵලය ගැන අපි හිතන්නේ හරිම අඩුවෙන්.
නමුත් ඔයා සමාජ මාධ්‍ය වල විහිලුවට හරි, නැත්නම් හිතාමතා හරි කියන සමහර දේවල්, අදාළ කෙනා බාරගන්නේ බොහොම බරපතළ විදියට වෙන්න පුළුවන්.![]()
සමාජ මාධ්‍ය කියන්නේ මායාවක්. කෙනෙක්ගේ හිතේ ඇත්තටම තියෙන දුක් කරදර එයා සමාජ මාධ්‍ය වල පළකරන්න තියෙන ඉඩ හරිම අඩුයි.![]()
සමහරවිට එයා පහුකරන්නේ ජීවිතේ අමාරුම කාල පරිච්ඡේදයක් වෙන්න පුළුවන්. එයා ඉන්න ගැටේටේ අග්ගිස්සෙන් එයාව තල්ලු කරන්නේ, ඔයා දාන්න පුංචි කමෙන්ට් එක වෙන්න පුළුවන්.
ඒ නිසා අනෙක් අයට හිරිහැරයක් නොවෙන විදිහට සමාජ මාධ්‍ය පාවිච්චි කරන එක අපි හැමෝගෙම වගකීමක්.![]()

