මංකි පොක්ස් රෝගී පුද්ගලයෙකු මුලින්ම වාර්තා වන්නේ 1970 වර්ෂයේදී කොංගෝ රාජ්‍යයෙන්. මුල් කාලයේදී අප්‍රිකානු රටවලට සීමා වී තිබුණොත්, මෑත කාලයේදී රටවල් 70 වැඩි ගණනකින් මංකි පොක්ස් රෝගය වාර්තා වීම නිසා, 2022 වර්ෂයේ සිට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, මෙම රෝගය ගෝලීය වසංගත තත්ත්වයක් ලෙස නම් කරනු ලැබුවා.
මෙම රෝගය සෑදෙන්නේ වෛරසයක් නිසයි.
මෙම රෝගය ඔබේ ඇඟට ඇතුල් වන ක්‍රම වන්නේ
ආසාදිත පුද්ගලයෙකු ගෙන් තවත් පුද්ගලයෙකුට
- බිබිලි හා තුවාල වල සැරව හා තරල වලින්
- ශ්වසන බිඳිති වලින්
- ආසාදිතයා භාවිතා කළ තුවා හා ඇඳ ඇතිරිලි වලින්
ආසාදිත සතුන් ( වඳුරන් සහ මීයන් ) සිදුකරන සපාකෑම් සහ සීරීම් නිසා සතුන්ගෙන් මිනිසුන්ට

මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ?
මෙම රෝගය වැළඳුණොත් ඔබට ඇතිවිය හැකි රෝග ලක්ෂණ අප පහත සඳහන් කර තිබෙනවා. එම රෝග ලක්ෂණ ඔබට දැනෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මෙම රෝගය සති 2-4ත් අතර කාලයකින් ඉබේ සුවවන රෝගයක්. නමුත් ප්‍රතිශක්තිය අඩු අයට සහ කුඩා දරුවන්ට සංකූලතා ඇති වෙන්න පුළුවන්.
මෙම රෝගයෙන් ඇතිවන සංකූලතා වන්නේ
- වෛරසය නිසා බිබිලි ඇති වූ ස්ථාන බැක්ටීරියා මඟිනුත් ආසාදනය වීම
- සමේ කැලැල් ඇතිවීම සහ සම ඝන වීම
මංකි පොක්ස් රෝගය වළක්වා ගන්නා ආකාරය අපි පහත සඳහන් කර තිබෙනවා.


