හමේ rash වලට හිතුමනාපෙට ක්‍රීම් ගාන අය නිසා, රිං වර්ම් හමේ රෝගය රටේ වසංගතයක් වෙලා තියෙනවා කියලා ඔයා දන්නවද ?
ඇඟේ කොහේ හරි rash එකක් ආවොත්, රෝහලකින් බෙහෙත් ගන්නවා වෙනුවට, ගෙදර තියෙන, අතට අහුවෙන මොකක් හරි ක්‍රීම් එකක්, ගොඩක් වෙලාවට ගෙදර වෙන කෙනෙක්ගේ හමේ රෝගයකට දුන්නු cream එකක් ගාන එක, නැත්නම් හිතුමනාපෙට pharmacy එකකින් ගන්න මොකක් හරි cream එකක් ගාන එක, අපේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ නරක පුරුද්දක්.
රිං වර්ම් ආසාදනය කියන්නෙ මොකක්ද?
මේ දවස්වල ලංකාවේ වසංගතයක් වෙලා තියෙන, රිං වර්ම් ආසාදනයට, එහෙමත් නැත්නම් පණු කැවිලි රෝගයට හේතු වෙන්නේ, පණුවෙක් නම් නොවෙයි. මේක දිලීර රෝගයක්. Tenia කියන දිලීරය හම ආසාදනය කළාම, rash එකක් ඇතිවෙනවා.
මේ rash එක සාමාන්‍යයෙන් ඇතිවෙන්නේ, ඇඟේ වැඩිපුර දාඩිය එකතු වෙන තැන් වෙන ඉකිලි වල, කිහිලි වල, තට්ටම් ප්‍රදේශය, පියයුරු යට වගේ ස්ථාන වල. ඒ වගේම කකුලේ ඇඟිලි ගාව, ඒ වගේම ඔළුවේ කොණ්ඩේ තියෙන කොටසේත් rash එක එන්න පුළුවන්.
රිංවර්ම් ආසාදනය බෝවෙන්නේ ස්පර්ශයෙන්. ඇඳුම් හුවමාරු කරගෙන අඳින අය අතරත්, ගොඩාක් දාඩිය දාන අය අතරත් මේ රෝගය වැඩියෙන් දකින්න පුළුවන්. සුරතල් සතුන්ගෙනුත් මේ රෝගය බෝ වෙන්න පුළුවන්.
මේ ලෙඩේදී හැඩයෙන් රවුම් rash එක, රතු පාට ඉලිප්පුණු දාරයක් තියෙන, තදබල කැසීමකුත් ඇතිවෙන rash එකක්. Rash එකේ මැද කොටස හැර වටේ කොටසේ මතුපිට හම පොතු විදියට ගැලවී යාමක් හෝ කහ පාට බිබිළි ඇතිවීමක් දැකගන්න පුළුවන්.
හමේ rash එන්න විවිධ හේතු බළපානවා. සබන්, detergent වගේ කෙමිකල්ස්, ඇඳුම් වල තියෙන metal කොටස්, Allergies ඇති කරන ද්‍රව්‍ය වලින් වගේම, දිලීර හා බැක්ටීරියා ආසාදන වලිනුත් හමේ rash එන්න පුළුවන්.
ඉතින් රෝහලෙන් ඔයාට rash එකක ගාන්න ක්‍රීම් වර්ග දෙන්නේ, rash එකට හේතුව අඳුනගෙන, එයට ගැළපෙන විදියටයි.
හිතුමනාපෙට steroid ක්‍රීම් ගෑවොත් මොකද වෙන්නෙ?
හමේ rashes වලට සාමාන්‍යයෙන් දෙන, steroid ක්‍රීම් වර්ග වලින්, ඒ කියන්නේ Hydrocortisone, Betamethasone ක්‍රීම් වලින්, මේ රිංවර්ම් rash එකේ කැසීම, රතුවීම අඩු වෙනවා වුණත්, රෝගයට හේතුවෙන දිලීරය විනාශ කරන්න බෑ. ඒ නිසා rash එක ඇඟපුරා පැතිරෙනවා.
ඉතින් ඔයා හිතුමනාපෙට steroid ක්‍රීම් ගාන rash එක, රිංවර්ම් rash එකක් නම්, steroid ගානකන් rash එක පාලනය වෙලා කැසීම අඩුවුණත්, steroid නවත්තපු ගමන් rash එක කීප ගුණයකින් වැඩි වෙනවා.
ඒ වගේම රිංවර්ම් rash එක හමේ විශාල ප්‍රදේශයක පැතිරෙන්න, හම තුනී වෙන්න සහ strech marks ඇතිවෙන්න Rash එක ගැඹුරට පැතිරුණු තුවාලයක් බවට පත් වෙන්න ඉඩක් තියෙනවා.
ඒ වගේම රිං වර්ම් rash වලට steroid ක්‍රීම් ගෑවම, ඒ rash වල සාමාන්‍යයෙන් තියෙන පෙනුම වෙනස් වෙන නිසා, ඒක රිංවර්ම් rash එකක් කියලා අඳුනා ගැනීම අමාරු වෙන්න පුළුවන්. එහෙම වුණාම ලැබෙන්න ඕනේ බෙහෙත් නොලැබීම නිසා, rash එක හොඳ නොවී ඔබට ගොඩක් කල් වේදනා විඳින්න සිදුවෙනවා.
ඒ වගේම දිලීරනාශක ඖෂධ වලට ඔරොත්තු දෙන, ප්‍රතිරෝධී දිලීර නිර්මාණය වෙලා, මුළු සමාජයටම හානියක් වෙන්න පුළුවන්. මේ වගේ ප්‍රතිරෝධි දිලීර වලින් හැදෙන රිංවර්ම් ආසාදන හොඳ කරන්න හරිම අමාරුයි.
මීට අවුරුදු දහයකට කලින් සරල දීලීර නාශක වලින් විනාශ කරන්න පුළුවන්කමක් තිබුණු, ටීනියා අසාදන, මේ වෙනකොටත්, ගොඩක් දිලීර නාශකවලට ඔරොත්තු දෙන රෝගයක් බවට පත්වෙලා තියෙනවා.
ඉතින් මේ ප්‍රතිරෝධී ටීනියා වලින් දැන් හැදෙන rash එක ඇඟේ වැඩි ප්‍රදේශයක පැතිරෙනවා, ඒ වගේම ගෙදර එක් කෙනෙක්ට හැදුණොත් අනික් අයටත් පහසුවෙන් බෝවෙනවා.
ඒ වගේම ඉස්සර rash එක හැඳුණ් නැති ඇඟේ තැන් වෙන මුහුණ, බෙල්ල, නළල, කන වගේ තැන් වලත්, මේ දවස්වල තියෙන ටීනියා ප්‍රභේදයෙන් rash එක ඇතිවෙන්න පුළුවන්.
මේ නිසා හිතුමනාපෙට අතට අහුවෙන cream, Rash වල ගාන්නේ නැතුව, rash එකක් තියෙනවා නම් සමේ රෝග පිළිබඳ වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රතිකාර ගන්න. රිංවර්ම් rash වලට රෝහලෙන් දෙන, දිලීර විනාශ කරන ක්‍රීම් හරියට භාවිතා කිරීමෙන් මේ රෝගය හොඳින් පාලනය කරන්න පුළුවන්.
සමහරු ඉකිලි වගේ ප්‍රදේශවල තියෙන rash වෛද්‍යවරයෙක්ට පෙන්වන්න තියෙන අකමැත්ත නිසාත්, තනියෙන් ෆාමසියෙන් කැමති ක්‍රීම් අරගෙන ගානවා. නමුත් මේකෙන් ඔයා හානියක් කරගන්නේ ඔයාට විතරක් නෙවෙයි මුළු සමාජයටමයි. ඒ නිසා rash එකක් ආවොත් මුල් අවස්ථාවේදීම වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත්, ඔයාට පහසුවෙන් rash එක හොඳ කරගන්න පුළුවන්.
රිංවර්ම් ආසාදනය බෝවෙන එක වළක්වාගන්නේ කොහොමද ?
රිංවර්ම් ආසාදනය බෝවෙන්නේ ස්පර්ශයෙන්. සුරතල් සතුන්ගෙනුත් මේ රෝගය බෝ වෙන්න පුළුවන්. ඇඳුම් හුවමාරු කරගෙන අඳින අය අතරත්, ගොඩාක් දාඩිය දාන අය අතරත් මේ රෝගය වැඩියෙන් දකින්න පුළුවන්.
රිංවර්ම් ආසාදනය බෝවෙන එක වළක්වාගන්න නම්, ගෙදර එක් කෙනෙකුට rash එකක් හැදුණම, එයාගේ ඇඳුම්,බෙඩ්ෂීට් හුවමාරු කරගන්න එපා. ඒ කෙනාගේ ඇඳුම් අනික් ඇඳුම් වලින් වෙනමම, උණු වතුරෙන් සෝදලා, අයන් කරලා එයාගේ පාවිච්චියට දෙන්න.
මීට අමතරව,
- නිතර ඇඟ සෝදලා පිරිසිදුව සිටීම
- ඇඳුම් නිතර සේදීම, යට ඇඳුම් සහ මේස් දවසට වතාවක් වත් මාරු කිරීම
- නියපොතු කොටට කැපීම
- අනිත් අයත් එක්ක ඇඳුම්, තුවා, පනා, හෙල්මට් වගේ දේවල් හුවමාරු කර නොගැනීම
- සැහැල්ලු ඇඳුම් ඇඳීම මේ රෝගය බෝවීම නවත්වාගන්න වැදගත් වෙනවා.
ඒ වගේම සතුන්ගෙන් ටීනියා ආසාදනය බෝවෙන එක වළක්වාගන්න,
ඔබේ සුරතල් සතුන්ව නිතර හොඳින් පිරිසිදු කරන්න, ඔවුන්ට වැලි ගොඩවල් වල ලගින්න දෙන්න එපා. සතාව සුරතල් කලාට පස්සේ සබන් යොදා අත් හෝදන්න.
පාරේ ඉන්න සතුන්ව අතගන්න යන්න එපා.
ඔයාට rash එකක් ඇවිත් වෛද්‍ය ප්‍රතිකාර ගනිද්දී, ඒ rash එක ටීනියා කියලා දැනගත්තොත් මොනාද කරන්න ඕනි.
ඔබට දෙන antifungal cream හරි විදියට නියමිත කාලය ඉවරවෙනකන් ගාන්න. Rash එක අඩුවුණු ගමන් cream එක ගාන එක නවත්වන්න එපා.
Denim වගේ තද ඇඳුම්, silk ඇඳුම් අඳින්න එපා. සැහැල්ලු කපු ඇඳුම් අඳින්න. Rash එක තියෙන ප්‍රදේශය නිතරම හෝදලා පිරිසිදුව තියාගන්න.

