අත හිරිවට්ටන carpal tunnel syndrome


ඔයාගේ අතේ සහ ඇඟිලි වල වේදනාවක්, හිරි ගතියක් තියෙනවා නම්, ඔයාට carpal tunnel syndrome කියන රෝගය ඔයාට හැදිලා තියෙන්න අවදානමක් තියෙනවා. මේ රෝගය හැදෙන්නේ ඇයි ? ඔයාගේ මැණික් කටුව ළඟ තියෙන අස්ථි වලින් හැදෙන, carpal tunnel කියන තැන හරහා, ඔයාගේ අත දිහාවට ස්නායුවක් ගමන් කරනවා. Median nerve කියන මේ ස්නායුව, මේ තැනේදී තෙරපීමට ලක් වෙන […]

ඔයාගේ අතේ සහ ඇඟිලි වල වේදනාවක්, හිරි ගතියක් තියෙනවා නම්, ඔයාට carpal tunnel syndrome කියන රෝගය ඔයාට හැදිලා තියෙන්න අවදානමක් තියෙනවා.

මේ රෝගය හැදෙන්නේ ඇයි ?

ඔයාගේ මැණික් කටුව ළඟ තියෙන අස්ථි වලින් හැදෙන, carpal tunnel කියන තැන හරහා, ඔයාගේ අත දිහාවට ස්නායුවක් ගමන් කරනවා. Median nerve කියන මේ ස්නායුව, මේ තැනේදී තෙරපීමට ලක් වෙන එක තමයි, මේ රෝගයට හේතුව වෙන්නෙ.

මේ රෝගය හැදෙන්නේ කොයි වගේ අයටද ?

දියවැඩියාව, ආතරයිටීස්, තයිරොක්සින් ඌණතාවය වගේ රෝග තියෙන අයටත්, මැණික් කටුව ළඟ අස්ථි බිඳීම් සිදුවුණු අයට

ඒ වගේම කම්පනය වෙන යාන්ත්‍රික උපකරණ පාවිච්චි කරන්න වෙන,

ඉලෙක්ට්‍රික් වැඩ, වඩු වැඩ, ජලනල කාර්මික වැඩ කරන අයටත්

මේ රෝගය හැදෙන්න අවදානමක් තියෙනවා.

මීට අමතරව එකම විදියට නැවත නැවත, අත සහ මැණික් කටුව චලනය කරන්න වෙන රැකියා කරන අයටත්, මේ රෝගය හැදීමේ අවදානම වැඩියි.

ඒ වගේම ගර්භණී කාන්තාවන්ට, අධික තරබාරු අයටත් මේ රෝගය හදෙන්න අවදානමක් තියෙනවා.

මේ රෝගය හැදුණොත් මොකක්ද වෙන්නේ ?

ඔයාගේ අතේ මහපටැඟිල්ල පැත්තේ ඇඟිලි තුනක ප්‍රදේශයේ සහ අත්ලේ, ඉඳිකටු අනිනවා වගේ වේදනාවක් සහ හිරි ගතියක් ඇතිවෙන්න පුළුවන්.

වැලමිට දක්වා විහිදෙන වේදනාවක් ඇතිවෙන්න පුළුවන්.

ගොඩාක් අයට මේ වේදනාව රාත්‍රී කාලයේදී වැඩිවෙනවා.

ඒ වගේම ඔයාට අතෙන් දේවල් අල්ලාගැනීමේ හැකියාව දුර්වල වෙන්න පුළුවන්.

මේ නිසා බස් එකේ යනකොට අත්වාරුව ඔයාට නොදැනීම අතඇරෙන එක,

බයික් එකේ බ්‍රේක් තදකරන්න අමාරු වීම

පොල් මිරිකන්න අමාරු වීම, රෙදි හෝදන වෙලාවට තෙත රෙදි මිරිකන්න අමාරු වෙන එක වගේ දේවල් නිසා

එදිනෙදා ජිවිතයේ වැඩ වලට බාධා වෙන්න පුළුවන්.

ඒ වගේම බර දෙයක් අතින් අල්ලන් උස්සගෙන යනකොට ඔයාට නොදැනීම ඒක ඔයාගේ අතින් අත ඇරෙන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu