ඔයාව බල්ලෙක් කෑවොත්, injection ගහගන්න ඕනි කොහොමද


ජලභීතිකාව කියන්නේ, හැදුනොත් මරණය නියත, මාරාන්තික ලෙඩක්. නමුත් ජලභීතිකා රෝගී සතෙක් ඔයාව හපා කෑවට පස්සේ, වෛද්‍ය උපදෙස් අනුව ජලභීතිකා එන්නත ගත්තොත්, ඔයාට මේ රෝගයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙනවා. ජලභීතිකා එන්නට ගැන හරියටම දැනගන්න, මේ ලිපිය ඉවර වෙනකන් කියවන්න. ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන, අපි කලින් ලිපියකින් කියලා දුන්නා. ඉතින් ජලභීතිකාව […]

ජලභීතිකාව කියන්නේ, හැදුනොත් මරණය නියත, මාරාන්තික ලෙඩක්. නමුත් ජලභීතිකා රෝගී සතෙක් ඔයාව හපා කෑවට පස්සේ, වෛද්‍ය උපදෙස් අනුව ජලභීතිකා එන්නත ගත්තොත්, ඔයාට මේ රෝගයෙන් සම්පූර්ණ ආරක්ෂාවක් ලැබෙනවා.

ජලභීතිකා එන්නට ගැන හරියටම දැනගන්න, මේ ලිපිය ඉවර වෙනකන් කියවන්න.

ඔයාව සතෙක් හපා කෑවොත්, ජලභීතිකාව වළක්වා ගන්න කරන්න ඕනි ප්‍රථමාධාර ගැන, අපි කලින් ලිපියකින් කියලා දුන්නා.

ඉතින් ජලභීතිකාව තියෙන සතෙක් ඔයාව හපා කෑවම, ජල භීතිකා වෛරසය සති කීපයක් තුළ ඔයාගේ ස්නායු පද්ධතියට ඇතුළු වෙලා, අන්තිමේදී මරණය සිද්ධ වෙනවා.

ජලභීතිකා එන්නත ලබාදෙන එකේ අරමුණ තමයි, මේ වෛරසය ස්නායු පද්ධතියට ඇතුල්වීම වළක්වන්න, ඉක්මනින් මේ වෛරසයට විරුද්ධව ප්‍රතිශක්තීකරණයක් ඇති කිරීම.

ජලභීතිකා එන්නත් වර්ග

ජලභීතිකා එන්නත් වර්ග දෙකක් තියෙනවා.

  1. පළවෙනි එන්නත් වර්ගය විදින්නේ, සතා හපා කාපු තුවාලය වටේටයි. මේ එන්නතෙන් කරන්නේ, තුවාලය අවට තියෙන ජල භීතිකා වෛරසය විනාශ කිරීමයි.
  2. අනෙක් එන්නත් වර්ගයේ, සාමාන්‍යයෙන් එන්නත් මාත්‍රා හතරක් තියෙනවා. සතෙක් හපා කෑවට පස්සේ, ඔයා රෝහලට යන පළවෙනි දවසේදී, පළමු මාත්‍රාව දෙනවා. ඉතුරු එන්නත් මාත්‍රා තුන ගන්න, ඔයා දවස් 3කින්, දවස් 7කින්, දවස් 30කින් නැවත රෝහලට යන්න ඕනි.

මෙහෙම කීප පාරක් එන්නත් ලබා දෙන්න හේතු තමයි, ජලභීතිකා වෛරසයට ඔයාගේ ඇඟේ අවුරුදු දෙකක් වගේ දිග කාලයක් යනකන් වුණත්, ඉතුරු වෙලා තියෙන්න ඉඩක් තිබීම.

මෙහෙම ඉතුරු වෙන වෛරසය ඔයාගේ ස්නායු වලට ඇතුළු වෙන එක වළක්වන්න තමයි, මෙහෙම එන්නත් කීපයක් දීලා, හොඳ ප්‍රතිශක්තීකරණයක් ඇති කරවන්නේ.

මේ එන්නත් දෙකම දෙනවාද, නැත්නම් දෙවෙනි එක විතරද දෙන්නේ කියන එක,

1. ඔයාගේ තුවාලයේ ස්වභාවය,

2. ඔයාව හපා කාපු බල්ලාට ජල භීතිකා එන්නත විදලද නැද්ද

3. ඒ වගේම ඔයාට, මීට කලින් සතෙක් හපා කාපු වෙලාවක ජලභීතිකා එන්නත විදලා තියෙනවාද

4. ඔයාව හපා කාපු දවසේ ඉඳන් දවස් 14ක් ඇතුළත, සතාගේ හැසිරීමේ වෙනසක් හෝ මරණය සිදු වෙනවාද

වගේ ගොඩක් කාරණා මත, වෛද්‍යවරයා විසින් තීරණය කරනවා.

ඔයාට වැඩිපුර දවස් තුනක් රෝහලට ඇවිත් ගන්න එන්නත නියම වුණොත්, රෝහලට එන්න ඕනි දවස් ලකුණු කරලා ඔයාට කාඩ් එකක් දෙනවා. මේ අදාළ දවස්වලට අනිවාර්යයෙන් රෝහලට ගිහින් ජල භීතිකා එන්නත් ලබාගන්න. ඔයාට පළවෙනි එන්නත දීපු රෝහලින්ම නැතුව, ජලභීතිකා එන්නත ලබාදෙන, ඔබට පහසු වෙනත් රෝහලකින් වුණත්, ඉතිරි ජලභීතිකා එන්නත් ලබාගන්න පුළුවන්.

මීට අමතරව සතෙක් හපා කෑමෙන් ඇති වන තුවාලයෙන්, පිටගැස්ම රෝගය හැදෙන්නත් අවදානමක් තියෙන නිසා, පිටගැස්ම එන්නත ලබාදීමත් සිදු කෙරෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu