මුත්‍රාගල් වලට තියෙන ප්‍රතිකාර මොනවාද ?


ප්‍රමාණයෙන් කුඩා මුත්‍රාගල් වලට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒවා දරුණු රෝග ලක්ෂණ ඇති කරන්නෙත් නැතුව ඉබේටම මුත්‍රා සමඟ පිට වෙලා යනවා. ඒ ප්‍රමාණයට වඩා විශාල මුත්‍රාගල් තියෙන කෙනෙක්ට, මුත්‍රා නාල තාවකාලිකව ප්‍රසාරණය වෙන බෙහෙත්, වෛද්‍යවරයා විසින් නියම කරනවා. බෙහෙත් පෙති වලින් ඉවත් කරන්න බැරි මුත්‍රා ගල් වලට වෙනත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා. පළවෙනි ක්‍රමයේදී, ඔයාගේ ඇඟට […]

ප්‍රමාණයෙන් කුඩා මුත්‍රාගල් වලට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය නැහැ. ඒවා දරුණු රෝග ලක්ෂණ ඇති කරන්නෙත් නැතුව ඉබේටම මුත්‍රා සමඟ පිට වෙලා යනවා.

ඒ ප්‍රමාණයට වඩා විශාල මුත්‍රාගල් තියෙන කෙනෙක්ට, මුත්‍රා නාල තාවකාලිකව ප්‍රසාරණය වෙන බෙහෙත්, වෛද්‍යවරයා විසින් නියම කරනවා.

බෙහෙත් පෙති වලින් ඉවත් කරන්න බැරි මුත්‍රා ගල් වලට වෙනත් ප්‍රතිකාර ක්‍රම තියෙනවා.

පළවෙනි ක්‍රමයේදී, ඔයාගේ ඇඟට පිටතින් ඉඳන්, මුත්‍රාගල දිශාවට නාභිගත කරන කම්පන තරංග වලින්, මුත්‍රා ගල කුඩා කෑලි වලට කැඩීම සිදු කරනවා. ඒ කුඩා කෑලි මුත්‍රා සමඟ පිට වෙනවා. Extracorporeal shock wave lithotripsy (ESWL)

දෙවන ක්‍රමයේදී, ඔයාගේ මුත්‍රා මාර්ගය තුළින් ඇතුළු කරන කැමරාවක් තියෙන බටයක් මඟින්, මුත්‍රා ගල අඳුනාගෙන, ඒ කැමරා බටයේ කෙළවර තියෙන කූරක් මඟින් හෝ, ලේසර් මඟින් මුත්‍රාගල කුඩා කෑලි වලට කැඩීම සිදු වෙනවා. Ureterorenoscopy

තුන්වෙනි ක්‍රමයේදී, ඔයාගේ කොන්දේ යොදන කුඩා කැපුමක් මඟින් වකුගඩුවට කැමරාවක් සහිත බටයක් ඇතුළු කරනු ලබනවා. මේ කැමරා බටය මාර්ගයෙන් මුත්‍රා ගල ඉවතට ගැනීම හෝ ලේසර් මඟින් කුඩා කැබලි වලට කැඩීම සිදු කරනවා. Percutaneous nephrolithotomy (PCNL)

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu