Appendicitis ගැන හරියටම දැනගමු


Appendicitis කියන්නෙ මොකක්ද? Appendicitis කියන වචනේ අහලා තිබුණට, මේ ලෙඩේ ගැන හරියටම දන්නේ නෑ නේද ? උණ්ඩුක පුච්චය අයින් කළොත් ඔයාට මොකක්ද වෙන්නේ කියලා අපි හරියටම දැනගමු. ඔයාගේ ආහාර මාර්ගයේ, මහා බඩවැල පටන් ගන්න තැන, උණ්ඩුක පුච්චය, නැත්නම් appendix කියන, පොඩි මල්ලක් වගේ අවයවයක් තියෙනවා. මේ මල්ල, මහ බඩවැලට ඇරෙන තැන, මොකක් හරි හේතුවක් නිසා […]

Appendicitis කියන්නෙ මොකක්ද?

Appendicitis කියන වචනේ අහලා තිබුණට, මේ ලෙඩේ ගැන හරියටම දන්නේ නෑ නේද ? උණ්ඩුක පුච්චය අයින් කළොත් ඔයාට මොකක්ද වෙන්නේ කියලා අපි හරියටම දැනගමු.

ඔයාගේ ආහාර මාර්ගයේ, මහා බඩවැල පටන් ගන්න තැන, උණ්ඩුක පුච්චය, නැත්නම් appendix කියන, පොඩි මල්ලක් වගේ අවයවයක් තියෙනවා.

මේ මල්ල, මහ බඩවැලට ඇරෙන තැන, මොකක් හරි හේතුවක් නිසා හිරවුණොත්, උණ්ඩුක පුච්චය ඇතුළේ ශ්ලේෂ්මල එකතු වෙලා, එතන බැක්ටීරියා ගොඩාක් හැදෙනවා.

මේක නිසා උණ්ඩුක පුච්චය ඉදිමිලා, රතුවෙන එක, ඒ කියන්නේ ප්‍රදාහ තත්ත්වයක් ඇතිවෙන එක තමයි, appendicitis කියලා කියන්නේ.

ඔයාට appendicitis හැදුණොත්,

ඔයාට appendicitis හැදුණොත්, බඩේ වේදනාවක් ඇතිවෙනවා. මේ වේදනාව බඩේ මැද පෙකණිය හරියෙන් පටන් අරන්, ඊට පස්සේ බඩේ යට දකුණු පැත්තෙන් දැනෙන්න පුළුවන්.

මේ වේදනාව පැය කීපයක් ඇතුළත දරුණු වේදනාවකට හැරෙන්න පුළුවන්. ඔයා එහෙ මෙහෙ හැරෙද්දි, ඇවිදින කොට, හයියෙන් හුස්ම ගනිද්දි, කැස්සක් හැදුණොත් මේ වේදනාව වැඩි වෙනවා.

ඊට අමතරව ඔයාට වමනය යාම, උණ, බඩ පිපීම වගේ රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්.

Appendicitis රෝගයේ තියෙන භයානක කම

Appendicitis රෝගයේ තියෙන භයානක කම තමයි, රෝගය දරුණු වෙලා උන්ඩුක පුච්චය පිපිරුණොත්, ඒක ඇතුළේ ඉන්න බැක්ටීරියා, බඩේ අනෙක් තැන්වලත් ආසාදනයක් ඇතිකිරීම.

මෙහෙම උණ්ඩුක පුච්චය පිපිරුණොත්, හදිසි operation එකක් කරලා ඉක්මනින් උණ්ඩුක පුච්චය ඉවත් කරන්න ඕනි. මේක කරන්න පරක්කු වුණොත් ජීවිතය නැතිවෙන්න පවා අවදානමක් තියෙනවා.

ඉතින්, ඔයාට අපි කියපු රෝග ලක්ෂණ ඇතිවුණොත්, ඉක්මනින් රෝහලකට යන්න. ඔයාට appendicitis තියෙන බව තහවුරු වුණොත්, ඔයාට අවශ්‍ය විදියට antibiotics ලබාදීම සහ, operation එකක් මඟින් උණ්ඩුක පුච්චය ඉවත් කිරීම සිදු කරනවා.

උණ්ඩුක පුච්චය ඉවත් කළා කියලා ඔයාට කිසිම සෞඛ්‍ය ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ.

Appendicitis මුල් අවස්ථාවේම අඳුරගත්තොත්, උණ්ඩුක පුච්චය පිපිරිලා දරුණු තත්ත්වයකට පත්වෙන්න කලින්, අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්න පුළුවන්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu