සොටු දියර ගැලීම සහ කිවිසුම් යාමෙන් බේරෙමු !


ඔබත් නාසයෙන් සොටු දියර ගැලීම සහ කිවිසුම් යාම නිසා පීඩාවට පත් වෙනවාද ?  මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද ?  ඔබට මෙම රෝග ලක්ෂණ ඇති වීමට බලපාන සුලබතම රෝගය වන්නේ, Allergic rhinitis නමින් හැඳින්වෙන, නාස් කුහරයේ ආවරණ පටලවල ඇතිවන ප්‍රදාහ (inflammation) තත්ත්වයක්.  මෙම රෝගය ආරය නිසා ( පවුලේ අයට රෝගය තියෙනවා නම් ), […]

ඔබත් නාසයෙන් සොටු දියර ගැලීම සහ කිවිසුම් යාම නිසා පීඩාවට පත් වෙනවාද ? 

මේ තත්ත්වය පාලනය කරන්නේ කොහොමද කියා ඔබ දන්නවාද ? 

ඔබට මෙම රෝග ලක්ෂණ ඇති වීමට බලපාන සුලබතම රෝගය වන්නේ, Allergic rhinitis නමින් හැඳින්වෙන, නාස් කුහරයේ ආවරණ පටලවල ඇතිවන ප්‍රදාහ (inflammation) තත්ත්වයක්. 

මෙම රෝගය ආරය නිසා ( පවුලේ අයට රෝගය තියෙනවා නම් ), ඔබටත් ඇතිවෙන්න පුළුවන්. මෙම රෝගය තියෙන අයගේ නාස්කුහරය ආවරණය ඉතා සංවේදීයි. 

මෙම රෝගය තිබෙන කෙනෙක්, අසාත්මිකතා ඇති කරන ද්‍රව්‍ය වලට නිරාවරණය වුනොත් නාස්කුහරය ඉදිමීම සහ ශ්ලේෂ්මල නිෂ්පාදනය වැඩි වීම සිදුවෙනවා. 

අසාත්මිකතාවය ඇති කරන ද්‍රව්‍ය මොනවාද ? 

  • දූවිලි සහ දූවිලි මයිටාවන් ( House dust mite )
  • සුරතල් සතුන්ගේ ලොම්
  • මල්වල රේණු සහ පරාග

රෝග ලක්ෂණ

මෙම රෝගයේ දී සොටු දියර ගැලීම සහ නාසය තදවීම නිසා අධික ලෙස කිවිසුම් යාම සිදු වෙනවා. ඊට අමතරව, 

  • හිසරදය සහ හිසේ බර ගතිය 
  • නාසය අවහිරවීම නිසා කටින් හුස්ම ගැනීම 
  • ඇස් රතුවීම 
  • උගුරේ වේදනාව
  • කනේ වේදනාව සහ කන් ඇසීම අඩුවීම 

වැනි රෝග ලක්ෂණ ඇති වෙනවා.

රෝගය පාලනය කිරීමට ඇති ක්‍රම

මෙම රෝගය පාලනය කිරීමට ඇති ප්‍රධානතම ක්‍රමය වන්නේ අසාත්මිකතාව ඇතිකරන දේවල් වලින් ඈත් වීමයි. 

  • දූවිලි සහිත පරිසරය හැකිතරම් මග හැරීම සහ දූවිලි සහ මයිටාවන් තුරන් කිරීමට නිවස දිනපතා පිරිසිදු කිරීම. 
  • බල්ලන් පූසන් වැනි සුරතල් සතුන් ඇති කරනවානම් සතියකට වරක්වත් පිරිසිදු කරන්න. 

ඔබේ එදිනෙදා කටයුතුවලට බාධා වන තරමට, රෝගය උත්සන්න වෙලා නම්, එයට ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. 

මෙම රෝගයට ප්‍රතිකාර

  • මෙම රෝගයට ප්‍රතිකාර ලෙස, නාසයේ ඉදිමුම අඩු කිරීමට Topical steroids නාසයට දමන බිංදු ලෙස ලබාදෙන අතර,
  • අසාත්මිකතාවය පාලනය කිරීමට antihistamines, පෙති වශයෙන් ලබා දෙනවා. 

වෛද්‍ය උපදෙස් අනුව එම ඖෂධ නිවැරදිව ලබා ගත්තොත්, ඔබට මෙම රෝගය හොඳින් පාලනය කිරීමට පුළුවන්. 

මේ විස්තර තවත් කෙනෙකුට වැදගත් වෙයි කියල හිතෙනවා නම් share කරන්න අමතක කරන්න එපා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu