මී උණ හැදෙන එක නවත්තන බෙහෙත හැමෝම කතා වෙන doxycycline කියන්නේ මොකක්ද ?


මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අය  ⭕ගංවතුරේ බැහැලා යන්න වෙන අය,   ⭕ආධාර දෙන්න ගංවතුර තියෙන තැන්වලට යන අය,   ⭕ගංවතුරෙන් යටවුණු තැන් පිරිසිදු කරන අය,   ⭕කුඹුරු හෝ වගා වැඩ කරන අය,  ⭕කාණු පිරිසිදු කරන අය වගේ,  මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අයට,මී උණ හැදෙන එක වළක්වාගන්න පූර්ව ආරක්ෂක ක්‍රමයක් විදියට (prophylaxis) Doxycycline කියන බෙහෙත, […]

මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අය

 ⭕ගංවතුරේ බැහැලා යන්න වෙන අය, 

 ⭕ආධාර දෙන්න ගංවතුර තියෙන තැන්වලට යන අය, 

 ⭕ගංවතුරෙන් යටවුණු තැන් පිරිසිදු කරන අය, 

 ⭕කුඹුරු හෝ වගා වැඩ කරන අය,

 ⭕කාණු පිරිසිදු කරන අය වගේ,

 මී උණ හැදෙන්න වැඩි අවදානමක් තියෙන අයට,
මී උණ හැදෙන එක වළක්වාගන්න පූර්ව ආරක්ෂක ක්‍රමයක් විදියට (prophylaxis) Doxycycline කියන බෙහෙත, ඔයාගේ ප්‍රදේශයේ MOH office එකෙන් ( සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් ) ගන්න පුළුවන්. 

එහෙම නැත්නම් වෛද්‍ය නිර්දේශය මත ළඟම ෆාමසියෙන් ගන්නත් පුළුවන්. 

මේ බෙහෙත බීමෙන් වළකින්න ඕනි අය

❌ගර්භණී සහ කිරි දෙන අම්මලා,

❌අවුරුදු 12ට අඩු දරුවන්,

❌doxycycline හෝ tetracycline බෙහෙත් allergy අය

✅එයාලා වෙනුවෙන් වෙනත් පූර්ව ආරක්ෂක බෙහෙත් MOH එකෙන් ලබාදෙනවා.

 මී උණ හැදෙන්න කලින්, MOH එකෙන් දෙන වෛද්‍ය උපදෙස් අනුව මේ බෙහෙත ගත්තොත්, මී උණ හැදෙන එක වළක්වා ගන්න පුළුවන්. 

මේ බෙහෙත අරගත්තත්, මී උණ රොග ලක්ෂණ වෙන,

⭕වෙව්ලීම සහ තද උණ, මස්පිඬු වේදනාව, ඇස් රතුවීම, තද හිසරුදාව,බඩේ කැක්කුම
තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්න.

මේ පණිවිඩය හැමෝටම share කරලා, මී උණ රෝගය වළක්වා ගැනීම ඔයාගේ වගකීමක්.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
Health simplified your way
menu