Migraine පාලනය කරගන්නේ කොහොමද කියලා අපි කතා කරමු.
Migraine තියෙන කෙනෙක්ට දෙන බෙහෙත් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්.
එක් කාණ්ඩයක් තමයි, ඔලුව කැක්කුමක් හැදුණු වෙලාවට ඒ ඔලුව කැක්කුමේ වේදනාව අඩු වෙන්න දෙන වේදනානාශක. Migraine තියෙන කෙනෙක් ඔලුවෙකුම හැදුනු වහාම වෛද්‍යවරයා ඔබට නියම කරපු වේදනාශක බෙහෙත ගන්න ඕනි.
අනික් කාණ්ඩය තමයි, Migraine රෝගය යටපත් කරන්න දෙන බෙහෙත්. Migraine තියෙන කෙනෙක්ට මාසෙකට දෙතුන් වතාවක් ඔලුවේ කැක්කුම හැදෙනවා නම්, එදිනෙදා ජීවිතයේ වැඩවලට බාධා වෙන තරමට ඔලුව කැක්කුම දරුණුයි නම්, මේ කාණ්ඩයේ බෙහෙත් වෛද්‍යවරයා විසින් නියම කරනවා.
Migraine වලට බෙහෙත් ගන්නවා නම්, හරියටම වෛද්‍ය උපදෙස් පිළිපදින්න ඕනි. වෛද්‍යවරයා නියම කරන මාත්‍රාව සහ වාර ගණන හරියටම අනුගමනය කරන්න ඕනි.
එහෙම නොකළොත් මොකද වෙන්නේ ?
Migraine තියෙන සමහර අය වෛද්‍ය නිර්දේශයකින් තොරව, ඔලුව කැක්කුම හැදෙන හැම වෙලාවකම වේදනානාශක ගන්නවා
මෙහෙම දිගින් දිගටම වේදනානාශක ගත්තොත්, මාසෙකට දෙතුන් වතාවක් ඔලුව කැක්කුම හැදුණු කෙනෙක්ට, දිනපතා ඔලුව කැක්කුම හැදෙන්න පුළුවන්. ( Medication overuse headache )
මේ වැරදි බෙහෙත් භාවිතය නිසා මාස ගාණක් දිනපතා ඔලුව කැක්කුම හැදෙන්න අවදානමක් තියෙනවා.
වේදනානාශක බෙහෙත් වලට පුරුදු වුණු කෙනෙක්ට, ඒ බෙහෙත් නවත්වන්න උත්සාහ කරද්දි, ඔලුව කැක්කුමේ දරුණුකම වැඩිවීමක් වෙන්නත් පුළුවන්.
