චිකුන්ගුන්යා රෝගය ගැන දැනගමු !


චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වැඩිවීමක් මේ දිනවල වාර්තා වෙනවා. ආසාදිත මදුරුවෙක් ඔබව දෂ්ඨ කළොත්, මදුරුවාගේ ඇඟේ සිට, මෙම රෝගය ඇති කරන වෛරසය ඔබේ ඇඟට ඇතුළු වෙලා, රෝගය හැදෙන්න පුළුවන්. මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ? වැනි ලක්ෂණ මේ රෝගයේදී ඇතිවෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්. එළිමහනේ ගැවසෙන දරුවන්ට මදුරුවන් […]

චිකුන්ගුන්යා රෝග ව්‍යාප්තියේ සැළකිය යුතු වැඩිවීමක් මේ දිනවල වාර්තා වෙනවා.

ආසාදිත මදුරුවෙක් ඔබව දෂ්ඨ කළොත්, මදුරුවාගේ ඇඟේ සිට, මෙම රෝගය ඇති කරන වෛරසය ඔබේ ඇඟට ඇතුළු වෙලා, රෝගය හැදෙන්න පුළුවන්.

මේ රෝගයේ රෝග ලක්ෂණ මොනවාද ?

  • එකවර ඇතිවෙන උණ
  • සන්ධි වේදනාව සහ ඉදිමුම
  • මස්පිඬු වේදනාව
  • හිසරදය
  • ඔක්කාරය
  • ඇඟේ මහන්සිය
  • හමේ පලු ඇතිවීම

වැනි ලක්ෂණ මේ රෝගයේදී ඇතිවෙනවා.

මේ රෝග ලක්ෂණ තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම වැදගත්.

එළිමහනේ ගැවසෙන දරුවන්ට මදුරුවන් දෂ්ඨ කිරීමෙන් රෝගය හැදෙන්න වැඩි අවදානමක් තියෙනවා.

චිකුන්ගුන්යා හැදෙන්නේ කොහොමද ?

චිකන්ගුන්යා රෝගය බෝ කරන්නේ ඩෙංගු රෝගය පතුරුවන මදුරු විශේෂ වලින්මයි.

චිකන්ගුන්යා රෝගය බෝ කරන මදුරුවන්, දෂ්ඨ කිරීම බහුලව කරන්නේ, අලුයම් කාලයේදී සහ හවස කාලයේදීයි.

මේ වෙලාවේදී එළිමහනට යාමෙන් වැළකීම, අත් දිග ඇඳුම් ඇඳීම, මඳුරු දැල් භාවිතා කිරීම වැනි දේවල් මඟින් මදුරු දෂ්ඨන වලින් ආරක්ෂා වීම වැදගත්.

මදුරු දෂ්ඨනයෙන් දවස් 4-8කට පසුව රෝග ලක්ෂණ ඇතිවෙනවා.

චිකුන්ගුන්යා රෝගය සුව කරන්න පුළුවන්ද ?

සාමාන්‍යයෙන් කෙනෙක්ට චිකන්ගුන්යා රෝගය හැදුණොත් සම්පූර්ණයෙන් සුව කරන්න පුළුවන්. නමුත් සන්ධි වේදනාව සති කීපයක් හෝ මාස කීපයක් තියෙන්න පුළුවන්.

අලුත ඉපදුණු දරුවන්ට, වයස්ගත අයට, වෙනත් රෝග තියෙන අයට චිකන්ගුන්යා රෝගය හැදුණොත්, තරමක් දරුණු වීමේ අවදානමක් තියෙනවා.

චිකුන්ගුන්යා රෝගය වළක්වාගන්නේ කොහොමද ?

කළින් සඳහන් කළා වගේම මේ රෝගය බෝ වෙන්නේ මදුරු දෂ්ඨනයෙන්. පුද්ගලයාගෙන් පුද්ගලයාට කෙළින්ම මේ රෝගය බෝ වෙන්නේ නැහැ.

මේ රෝගයේ ව්‍යාප්තිය පාලනය කරන්න ඔබට කරන්න පුළුවන් වැදගත්ම දේ තමයි, මදුරුවන් බිත්තර දැමිය හැකි ස්ථාන විනාශ කිරීම.

මේ දිනවල තියෙන වැස්ස නිසා, ඔබේ නිවසේ තියෙන මල්පෝච්චි, බාල්දි, ටයර්, හිරවුණු කාණු වගේ තැන්වල නොසෙල්වෙන ජලය එකතු වෙලා තියෙන්න පුළුවන්.

චිකන්ගුන්යා බෝ කරන මදුරුවන් බිත්තර දමන මේ වගේ තැන් පිරිසිදු කිරීම, ඔබේ වගකීමක්. ඩෙංගු රෝගය පාලනයටත් මෙමඟින් දායකත්වයක් ලැබෙනවා.

More to read

MedTalks

© 2026 MedTalks. All rights reserved.
menu