රක්තහීනතාවය (ලේ අඩු කම/ ඇනීමියාව)


මහන්සි ගතිය, කරකැවිල්ල, මුහුණ සුදුමැලි වීම තිබෙනවාද ? ඔබට රක්තහීනතාවය තිබෙනවා විය හැකියි.  රක්තහීනතාවය (ඇනීමියාව) කියන්නේ, ඔබේ රතු රුධිර සෛලවල තිබෙන හිමොග්ලොබින් කියන සංඝටකය අඩුවීම නිසා ඇතිවන රෝගයක්. හිමොග්ලොබීන් වල කාර්යය වෙන්නේ ඔබේ ඇඟේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමයි. හිමොග්ලොබින් අඩු වුණාම, ඔබේ සෛල වලට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන නිසා පහත රෝග ලක්ෂණ ඇති වෙන්න […]

මහන්සි ගතිය, කරකැවිල්ල, මුහුණ සුදුමැලි වීම තිබෙනවාද ? ඔබට රක්තහීනතාවය තිබෙනවා විය හැකියි. 

රක්තහීනතාවය (ඇනීමියාව) කියන්නේ, ඔබේ රතු රුධිර සෛලවල තිබෙන හිමොග්ලොබින් කියන සංඝටකය අඩුවීම නිසා ඇතිවන රෝගයක්. හිමොග්ලොබීන් වල කාර්යය වෙන්නේ ඔබේ ඇඟේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීමයි.

හිමොග්ලොබින් අඩු වුණාම, ඔබේ සෛල වලට අවශ්‍ය තරම් ඔක්සිජන් නොලැබෙන නිසා පහත රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්.

  • මහන්සි ගතිය සහ දුර්වල බවක් දැනීම
  • හුස්ම ගැනීමේ අපහසුවක් දැනීම
  • මුහුණ අත්ල ප්‍රදේශය සුදුමැලි වීම
  • හිසරදය සහ කරකැවිල්ල

    රක්තහීනතාව ඇති වෙන්න කරුණු කීපයක් බලපාන්න පුළුවන්.

    • හිමොග්ලොබින් නිපදවීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වන යකඩ, විටමින් බී, ෆෝලික් අම්ලය ඔබ ගන්නා  ආහාරවල හිඟ වීම.
    • ආහාර මාර්ගයේ ආශ්‍රිත තුවාල, අර්ශස්, පණු රෝග ආදිය.
    • හන්දි ප්‍රදාහය ( ආතරයිටිස් )වැනි අස්ථි රෝග.
    • තයිරොක්සින් වැනි හෝමෝන වල අඩුවීම.
    • ප්‍රධාන ආහාර වේලක් ආසන්නයේ තේ හෝ කෝපි පානය කිරීම නිසා යකඩ අවශෝෂණය අඩු වීම.
    • කාන්තාවන්ට නම් ආර්තව චක්‍රයේ දී පමණට වඩා රුධිරය වහනය වීම.

    පෝෂණ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාව වළක්වා ගැනීමට නම්,

    • මස් වර්ග මාළු සහ බිත්තර
    • නිවිති කතුරුමුරුංගා

    වැනි යකඩ බහුල ආහාර ඔබේ ආහාර වේලට එකතු කරගන්න.

    • ප්‍රධාන ආහාර වේලෙන් පසුව පලතුරු ආහාරයට ගන්න.

    රක්තහීනතාවයේදී ඇතිවන , කලින් සඳහන් කරපු රෝග ලක්ෂණ තියෙනවා නම්, ඉක්මනින් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.


    More to read

    MedTalks

    © 2026 MedTalks. All rights reserved.
    menu